gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පඬු කරඳ නඩුවට දැමූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගනී! වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ “පුදුම කතාවක්” ගැන ගම්පහදී හෙළිදරව්වක්!

වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ශාක විශේෂයකට අයත් මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු පියවරේ ඉදිකිරීම් කටයුතු කරන දාරළුව ප්‍රදේශයේ තිබූ ‘පඬු කරඳ’ (කෲඩියා සෙලනිකා) ගස හොරෙන් කපා වල දැමීමේ සිද්ධියට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් ෆාතිමා සහානා මහ්ජි මහත්මිය නියෝග කළා.

‘පඬු කරඳ’ ගස හොරෙන් කපා වළ දැමීමේ සිද්ධියට සම්බන්ධයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අංශයට එරෙහිව නීතීමය පියවර නොගන්නා බවට ගම්පහ වැඩ බලන දිසා වන නිලධාරී එම්.එම්.වරුණප්‍රිය මහතා කළ දැනුම්දීමකට අනුව මහේස්ත්‍රාත්වරිය එම නියෝගය සිදුකරනු ලැබුවා.

වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ ශාක විශේෂයකට අයත් මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු පියවරේ ඉදිකිරීම් කටයුතු කරන දාරළුව ප්‍රදේශයේ තිබූ ‘පඩු කරඳ’ (කෲඩියා සෙලනිකා) ගස හොර රහසේ මහ රෑ කපා වල දමා ඇති බව කියමින් ගම්පහ දිසා වන කාර්යාලය මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අංශයට එරෙහිව පැමිණිල්ලක් මීට පෙර ගොනු කළා.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් මුල් අවස්ථාවේදීම වහාම ක්‍රියාත්මක වූ මහේස්ත්‍රාත්වරිය වැඩබලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රාණි අත්තනායක මහත්මියගේ අධීක්ෂණය යටතේ පසුගිය ජුනි මස 28 වැනිදා වළ දමා තිබූ පඩු කරඳ ගස යළි ගොඩ ගෙන ගම්පහ උද්භිද උද්‍යානයට රැගෙන ගොස් යළි සිටුවනු ලැබුවා.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ ගම්පහ වැඩ බලන දිසා වන නිලධාරී එම්.එම්.වරුණප්‍රිය මහතා මෙම සිද්ධියට අදාළව තවදුරටත් නීතිමය පියවර නොගන්නා බව විවෘත අධිකරණයේදී දැනුම් දුන්නා.

ඒ අනුව මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි ගම්පහ වැඩ බලන දිසා වන නිලධාරියා අධිකරණයෙන් ඉල්ලීමක්ද කළා.

එම අවස්ථාවේදී අධිකරණය ඇමතූ පුරා වස්තු සුරැකීමේ සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ලක්දිනු ධීරසේකර මහතා කරුණු දක්වමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය ඉදිරියට පැමිණ කියා සිටින්නේ “මහ පුදුම කතාවක්” බව ප්‍රකාශ කළා.

“දුප්පත් මනුස්සයෙක් කැලේ ගහක ඇත්තක් කැපුවත් වන නිලධාරීන් එම පුද්ගලයාව කුදලගෙන ඇවිත් නඩු දාන මේ රටේ වඳවීමේ තර්ජනයකට ලක්ව ඇති දුර්ලභ ශාඛයක් හොර රහසේ කපාගෙන ගොස් වළ දැමීමේ බරපතල අපරාධයක් කළ අයට එරෙහිව දැමු පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නවා කියන්නේ පැහැදිලිවම අපරාධයක්” යැයි කී නීතීඥ ලක්දිනු ධීරසේකර මහතා මෙය දේශපාන බලපෑම මත වන නිලධාරීන් කරන කටයුත්තක් බවද කියා සිටියා.

එම අවස්ථාවේදී නීතීඥ රොෂාන් කහටපිටිය මහතාද අධිකරණය අමතමින් වනජීවී වෘක්ෂලතා ආඥා පනත යටතේ මේ අපරාධය පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවටද නඩු පැවරීමට පූර්ණ බලතල ඇති හෙයින්, මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවටද පැමිණිලි කළත් කිසිදු ප්‍රතිචාරයක් නැතැයිද අඩුම තරමින් එම නිලධාරීන් අධිකරණයට පැමිණ නොමැති බවද පැවසුවා.

වගඋත්තරකාර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අංශය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රාජිකා ද සිල්වා මහත්මිය කරුණු දක්වමින් මෙම ගස නිසා මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ප්‍රමාද වී අති විශාල පාඩුවක් සිදුව ඇති බව සඳහන් කළා.

මධ්‍යම අධිවේගී මාර්ගය පසුගිය කාලය වන විට තනා නිම කර තිබුණා නම් ඉන්ධන හිඟයක් පැවැති සමයේදී ජනතාවට විශාල සහනයක් ලැබීමට හැකියාව තිබුණේ යැයිද නීතීඥ රාජිකා ද සිල්වා මහත්මිය වැඩිදුරටත් කියා සිටියා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka