පාර්ලිමේන්තු සංකීර්ණයේදී රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේට පහරදීමක් සිදුවූවා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව අවසන් වතාවට අද යළි රැස්වීමට නියමිතව තිබෙනවා.
එහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
පසුගියදා වාර්තා වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් කමිටුවත් පත් කිරීමට කථානායකවරයා පියවර ගනු ලැබුවා.
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ, සමගි ජන බලවේගය පක්ෂයේ සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා ඇති වූ සිද්ධියෙන් අනතුරුව ඇමතිවරිය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් ගත කෙරුණා.
ඒ අනුව අදාළ සිදුවීම පිළිබඳ විමර්ශනයට පත් කළ කමිටුවේ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අදාළ මන්ත්‍රීවරුන් තිදෙනාම පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි වන පරිදි කටයුතු කර ඇති බවයි.
එම කමිටුව පසුගිය සඳුදා දෙවන දිනටත් රැස් වූ අතර අද ඔවුන් තෙවන දිනටත් රැස්වීමටත් නියමිතව ඇති අතර, අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබාදීමට කටයුතු කරනු ඇති.