gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ෂාෆ්ටර්ගේ ‘ෆෙයාර් ෆස්ට් – ජන ශක්ති’ වන්දි අධිකරණය අත්හිටුවයි!

ඝාතනයක් යැයි පංච පුද්ගල වෛද්‍ය කමිටුව තීරණය කරන ලද ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාට අයත් දේශීය පෞද්ගලික රක්ෂණ සමාගම් දෙකක රක්ෂණාවරණ සතියක කාලයක් සදහා අත්හිටුවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (08) නියෝග කළාය.

‘ෆෙයාර් ෆස්ට්’ සහ ‘ජන ශක්ති’ යන රක්ෂණ සමාගම් දෙකේ ප්‍රධානීන් වෙත මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

මෙම රක්ෂණාවරණ වන්දි ලැබෙන පාර්ශ්වය මරණකරුගේ බිරිය හෝ දරුවන් නොවී තෙවැනි පාර්ශ්වයක් වුයේ නම් එය සැකයට හේතුවක් වනු ඇතැයි සඳහන් කරමින් මෙම රක්ෂණාවරණ ගෙවීම අත්හිටුවන්නැයි අපරාධ විමර්ශන කොට්ඨාශය ඉදිරිපත් කළ මෝසමක් සලකා බලා මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

ඝාතනයට ලක් වූ ෂාෆ්ටර් මහතා දේශීය රක්ෂණ සමාගම්වලට අමතරව විදේශීය රක්ෂණ සමාගම්වලින්ද ජිවිත රක්ෂණ ලබාගෙන ඇති බවට තොරතුරු තිබෙන බව මෝසම ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් අධිකරණයට තොරතුරු වාර්තා කෙළේය. .

මරණකරුගේ පියා වූ චන්ද්‍ර ෂාෆ්ටර් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමට විරෝධය පළ කළහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka