gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දොස්තර රන්නන් එලියගේ SURVEY වලින් රනිල් ගොඩයයිද?

දොස්තර රවී රන්නන් එලිය (Dr. Ravi Rannan-Eliya) සිංහල පාඨකයන්ට හුරු පුරුදු නමක් නොවේ. ඒත් ඉංගීසි පාඨකයන් අතර ඔහුගේ නම හරිම ජනප්‍රියය. එයට හේතුව ඔහු ලංකාවේ තානාපති කාර්යාල, ව්‍යාපාරිකයන්, අධිකරණ විනිසුරුවන් සහ නීතිඥයන් ඉලක්ක කොට ඉංග්‍රීසි මාධ්‍යවල ඔහුගේ ඔපීනියන් පෝල් නැතහොත් ජනමත විමසුම් ප්‍රසිද්ධ කරන නිසාය. ඔහු සෞඛ්‍ය ප්‍රතිපත්ති නම් වූ ආයතනයක විධායක අධ්‍යක්ෂවරයෙකි.

ඔහු මේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයෙන් ඔපීනියන් පෝල් නොහොත් ජනමත විමසුම් පවත්යි. ඒ මහජන සෞඛ්‍ය ගැන නොව දේශපාලනඥයන්ගේ සෞඛ්‍ය ගැනය. ඔහු ඊළඟ ඡන්දය දිනන්නේ කවුද කියා මසකට වරක් ජනමත සමීක්ෂණ කරයි. ඔහු ඒ සඳහා තෝරාගන්නේ 1000ක් පමණ වන නියැදියකි. මේ 1000න් ඔහුගේ ආයතනයේ සේවිකාවන් ඔබ කැමැති අනුරටද, සජිත්ටද, රනිල්ටද, පොහොට්ටුවටද කියා ප්‍රශ්න කරයි. ඔවුන් දෙන උත්තර අනුව ඔහු කියන්නේ දෙකෝටියක මහජන මතය ඔහුට කියන්න පුළුවන් කියාය.

ලංකාවේ පෙට්‍රල් ෂෙඩ් ඉදිරිපිට, කිරිපිටි ගන්න කඩපිල් ඉදිරිපිට පෝලිම් ටික ටික හැදෙන්න ගත්තේ 2022 ජනවාරියේදීය. 2022 ජනවාරි වන විට මිනිස්සුන්ට බඩු හිඟය දැනෙන්න පටන්ගෙන තිබිණි. ඒ වගේම බඩු මිල උහුලන්න බැරි විය. ජනවාරි වන විට ගෝඨාට හොඳයි කියන කෙනෙක් හොයාගන්න බැරි විය. කොරෝනා රැල්ලෙන් ජීවිත දහස් ගණන් විනාශ වී මිනිස්සුන්ට රැකියා අහිමි වී ලොක්ඩවුන්වලින් රටම අඩපණ වී රට නන්නත්තාර වී තිබිණි.

2022 ජනවාරි වන විට ගෝඨාට ජනප්‍රියත්වයක් තිබුණේ නැත. ඔහුගේ ජනමත විමසුම් වාර්තාව කියන්නේ 2022 මුල් කාර්තුව වන විට ගෝඨාභය හොඳ ජනප්‍රිය තැනක සිටි බවය. ඔහුගේ වාර්තාව කියන්නේ ගෝඨාභයගේ ජනප්‍රියත්වය කඩාවැටුණේ 2022 අප්‍රේල් මාසයෙන් පසුව බවය. අරගලය පටන්ගත්තේ අප්‍රේල් මාසයේය. ගෝඨාගේ ජනප්‍රියත්වය කඩාගෙන වැටිලා කියන්න දොස්තරගේ වාර්තා ඕනෑ නැත. ඒක රටටම පෙනුණි.

දොස්තරගේ ජනමත සමීක්ෂණවලට හොඳ ඉවක් තිබුණා නම් ගෝඨාගේ ජනප්‍රියත්වය කඩාගෙන වැටෙන බව ඔහු 2022 ජනවාරියේ කිව යුතුව තිබිණි. ඒත් ඔහුගේ වාර්තාව කියන්නේ සුළු වශයෙන් අඩු වුණාට 2020 මුල් කාර්තුවේ ගෝඨාගේ ජනප්‍රියත්වය ධනාත්මකව තිබුණු බවය. එය පිළිගත නොහැකිය. 2022 මුල් කාර්තුවේ ගෝඨාව බලයෙන් පහ කරන්න පුළුවන් යැයි කවුරුත් නොසිතන වාතාවරණයක ඔහු සිය ජනමත සමීක්ෂණ වාර්තාවේ ගෝඨාගේ ජනප්‍රියත්වය පල්ලම් බහිනවා කියා කියන්න බය වූවා විය හැකිය.

ගෝඨා ගෙදර ගොස් රනිල් ජනාධිපති වූ විට ඔහු සිය ජනමත සමීක්ෂණ වාර්තාවේ අලුත් තියරියක් පෙන්වීය. එනම් ජවිපෙ සහ සමගි ජන බලවේගය කරට කර සිටින බවත්, රනිල්ගේ යූ.ඇන්.පී.ය පොහොට්ටුවට වඩා ඉදිරියෙන් සිටින බවත්ය. ඉන් පසු ටිකෙන් ටික ජවිපෙ ඉස්සරහින් තියා සමගි ජන බලවේගය පසුපසට ගෙන ඔහු කියන්නේ රනිල් පොහොට්ටුව අභිභවා ඉදිරියට එන බවය.

1000ක නියැදියකින් බලන දොස්තර රවී රන්නන් එලියගේ මේ තියරිය රනිල්ගේ පළාත් පාලන ඡන්ද කල්දමන තියරිය සහ ජනාධිපතිවරණය දිනන තියරිය සමග පෑහෙන්නේ ඉඳිකට්ටට නූල් බෝලය වගේය. රනිල් පළාත් පාලන ඡන්දය කල්දමන්න හේතුව ලෙස ජාත්‍යන්තර ප්‍රජාවට කීවේ ජවිපෙ දිනන බවත්, ජවිපෙ දින්නොත් අයි.එම්.එෆ්. ගනුදෙනුව කඩාකප්පල් වී රට චීන ග්‍රහණයට හසුවනු ඇති බවත්ය.

ඒ සඳහා ඔහු පළාත් පාලන ඡන්දය තියන්න කී ඇමෙරිකාවට යුරෝපයට පෙන්නන්න ඇත්තේ දොස්තරගේ ජනමත සමීක්ෂණ වාර්තාවය. ජවිපෙ බලයට එනවා යැයි බයකොට පොහොට්ටු අපේක්ෂකත්වය ගන්න රනිල් ප්‍රයෝජනයට ගත්තේද දොස්තරගේ වාර්තාව විය යුතුය. පොහොට්ටුවට වඩා මම ඉදිරියෙන් කියා පොහොට්ටුව වට්ටවන්න පාවිච්චි කරන්නේත් මේ දොස්තරගේ වාර්තාව විය යුතුය. ජනාධිපතිවරණයේදී කාටත් 50%ක් ගන්න බැහැ කියන රනිල්ගේ තියරියද දොස්තරගේ ජනමත සමීක්ෂණ වාර්තාවට හොඳට ගැළපෙයි.

රනිල් හතර වටේට බෙදන දේශපාලන තියරිය මෙසේය.

‘ජවිපෙ එනවා.’

‘පොහොට්ටුවට වඩා මට මිනිස්සු කැමැතියි’

‘ජනාධිපතිවරණයේදී කාටවත් 50%ක් ගන්න බැහැ’

දොස්තර රවි රන්නන් එලියගේ ජනමත සමීක්ෂණ වාර්තාව 1000ක නියැදියකින් හදන තියරිය මෙසේය.

‘ජවිපෙ ඉදිරියෙන්…’

‘රනිල් පොහොට්ටුවට වඩා ඉදිරියෙන්…’

‘අනුරට හෝ සජිත්ට 50%ක් නැහැ…’

රනිල්ගේ තියරියයි දොස්තරගේ ජනමත සමීක්ෂණ තියරියයි තකට තක වුණේ කොහොමද කියලා හොයන්න වෙනම සමීක්ෂණයක් කළ යුතුය.

-රංග සූරියබණ්ඩාර
-mawratanews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka