අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සම්බන්ධව ඊයේ පුපුරා ගියේ අලුත් කතාවක් නොව, අධිකරණ ක්ෂේත්‍රයේ සහ නීතිඥ ප්‍රජාව තුළ සංවාදයට ලක් වෙමින් අළු යට සැඟවුන ගිනි පුපුරක් සේ පැවති සිද්ධියක් බවත් එය සම්බන්ධව සමස්ථ අධිකරණ ප්‍රජාවම කණස්සල්ලට පත් විය යුතු නැති බවත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ඊයේ (10) පාර්ලිමේන්තුවේ දී කීවේය.
ඔහු කීවේ ඊයේ සංවාදයට ලක් වූයේ සමස්ථයක් ලෙස අතිශය පාරිශුද්ධ අධිකරණ පද්ධතිය තුළ සිදුවුන එක් හුදකලා සිද්ධියක් පමණක් බවය. ඊයේ රොෂාන් රණසිංහ අමාත්‍යවරයා සිය ප්‍රකාශය අතරතුරත් මේ බව පැහැදිලි කළේය.
කෙසේ වෙතත් නිමල් සිරිපාල අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ සිය කතාව අවසන් කරනු ලැබුවේ “පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ මේ විදිහට අධිකරණය විවේචනය කරන්න ඉඩක් නෑ. අපි අධිකරණය ඉතාම හෑල්ලුවට පත් කළා. මම ඒ ගැන නීතිඥවරයෙක් ලෙස අධිකරණයෙන් සමාව ඉල්ලනවා.” ලෙස පවසමිනි.
විජේදාස රාජපක්ෂ ඇමතිවරයා මෙසේද පැවසුවේය.
“අභියානාධිකරණයේ සභාපති ගැන කතා වුනා. මේ කාරණාව සම්බන්ධව නීතිඥ ප්‍රජාව තුළ අලු යට ගිනි අඟුරුක් වගේ කතා වෙමින් තිබුණු කාරණාවක් තමයි ඊයේ පුපුරලා ගියේ.”
“ඒක ඇවිත් එක්තරා හුදකලා සිද්ධියක් හා ගැටුන විනිසුරුවරයෙක් සම්බන්ධව තිබුණ විවේචනක්.
නමුත් මේ අපි පාර්ලිමේන්තුව තුළ ඇතිවුන තත්ත්වය සන්නිවේදනය වන ආකාරය හේතුවෙන් බොහෝ විනිසුරුවරුන් සහ නීතිඥ ප්‍රජාව අපහසුතාවයකට පත් වෙලා තියනවා. සමහර වෙලාවට ඒ පුවත් පලකරනකොටම ශීර්ෂ පාඨයෙන්ම පේන්නේ සමස්ථ අධිකරණ පද්ධතියටම විධායකයෙන් පහර එල්ල කළ ආකාරයක්. ඒක තමයි තමයි පෙනෙන්න තියෙන්නේ. ඒක නිවැරදි නෑ.
පැහැදිලිව කියන්න ඕන අධිකරණයේ අගවිනිසුරුවරයාගේ සිට මහේස්ත්‍රාත්වරයා දක්වා අධිකරණවල ක්‍රියාකලාපයන්හි අපක්ෂපාතීත්වය සම්බන්ධව ස්වාධීනත්වය සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේ කිසිසේත්ම අභියෝගයට ලක් කළේ නෑ. එක් විනිසුරුවරයෙක්ගේ ක්‍රියාකලාපය අභියෝගයට ලක් කළ ආකාරය ඇත්ත.
නීතිඥවරු සම්බන්ධවත් එහෙමයි. පොදුවේ නීතිඥවරුන්ගේ ක්‍රියා කලාපය ගැන විවේචනය වුනේ නෑ.
මේ විනිසුරුවරයා ඉවත් කරනවා නම් එය කළ හැක්කේත් පාර්ලිමේනතුවට පමණයි. මොකද අභියාචනාධිකරණ විනිසුරුවරු සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු කිසිම ආයතනයකට හෝ පුද්ගලයෙකුට යටත්ව නෑ. බැඳිලා නෑ.
ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 ව්‍යවස්ථාව යටතේ යෝජානාවක් ඉදිරිපත් කරලා එය පාර්ලිමේන්තුව තුළ සම්මත කරගන්න ඕන.
මේ ව්‍යවස්ථාව ආරම්භ කළාට පස්සේ අගවිනිසුරුවරුන් 03 දෙනෙකුට දෝෂාභියෝග ආවා. නෙවිල් සමරකෝන් අග විනිසුරු තුමාට එල්ල වුන දෝෂාභියෝගයත්, සරත් එන් සිල්වා අගවිනිසුරුතුමාට එල්ල වුන දෝෂාභියෝගයත් ඉදිරියට ගියේ නෑ. එහෙත් ශිරානි බණ්ඩාරනායක මැතිනියට එරෙහිව දෝෂාභියෝගය ක්‍රියාත්මක වී ඇය ධූරයෙන් පහ කළා.
මේ සෑම අවස්ථාවකම එල්ලවුන චෝදනාවක් තියනවා ඒ අධිකරණය සහ විධායකය අතර ඇතිවන ගැටුමක් කියලා. ඒත් අද ඒ වගේ තත්තවයක් නෑ. මහජන මතයට එකඟව පාර්ලිමේන්තුව පක්ෂ භේදයකින් තොරව එකතු වෙලා තියනවා
-lankasara