ක්‍රිකට් ආයතන දූෂණයට එරෙහි විරෝධතා ජනතා අයිතිවාසිකමක්... ඒවාට එරෙහි නියෝග දෙන්න බැහැ - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්
ජනතාවගේ මූලික අයිතිවාසිකම් යටපත් වන ආකාරයේ කිසිදු නියෝගයක් ලබාදීමට අධිකරණයට හැකියාවක් නොමැති බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විවෘත අධිකරණයේ දී ඊයේ (09 වැනිදා) අවධාරණය කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ ක්‍රියාවලට එරෙහිව පවත්වන මහජන විරෝධතාවයක් වළක්වන ලෙසට කුරුඳුවත්ත පොලිසිය කරන ලද ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එලෙස අවධාරණය කළේය.
ක්‍රිකට් ආයතන දූෂණයට එරෙහි විරෝධතා ජනතා අයිතිවාසිකමක්... ඒවාට එරෙහි නියෝග දෙන්න බැහැ - කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්
2023-11-10T09:58:00+05:30
Gossip Lanka Hot News