ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනෙක් රට හැර යෑමේ සැලසුමක!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම පෙළේ නිලධාරීන් දෙදෙනෙක් ලංකාව හැර ගොස් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට යෑමේ අවස්ථාව පිළිබඳ උනන්දු සහගතව සෙයා බලමින් සිටින බව ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
ක්‍රිකට් ආයතනයේ හෙළි වෙමින් ඇති දූෂණ වංචා සම්බන්ධව අධිකරණය ඉදිරියට ගියහොත් ක්‍රීඩා පනත යටතේ වසර 10කට ආසන්න කාලයක සිර දඬුවමක් හිමිවීමට හැකි ඉඩක් පවතින ආකාරය පිළිබඳ සැලකිල්ලට ගනිමින් එම නිලධාරීන් මේ උත්සාහයේ නිරත වෙමින් ඇති බව වාර්තා වේ.
ක්‍රිකට් ආයතනය දූෂිත බවත් මෙම දූෂිත නිලධාරීන් නීතිය ඉදිරියට ගෙන ආවොත් ඔවුන්ට වසර දහයක සිර දඬුවමක් හිමිවිය හැකි බවත් රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් පසුගිය ක්‍රීඩා අමාත්‍යවරයා රොෂාන් රණසිංහ ද පෙන්වා දී තිබිණි.
- ලංකාසර
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනෙක් රට හැර යෑමේ සැලසුමක!
2023-11-02T11:55:00+05:30
Gossip Lanka Hot News





