gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නව ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් අතුරු කමිටු ගැසට්ටුව ඉවත්කරගන්නා ලකුණු: නඩුව අද විසිවෙයිද? 06 වැනි දිනටත් නඩුව අද කැඳවයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි පරිපාලනයට අතුරු පාලක කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකළ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද (28දා) අභියාචනාධිකරණයේදී සිදුවෙනවා.

කෙසේ වෙතත් අද දිනයේදී නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් අතුරු කමිටුව සඳහා වූ ගැසට්ටුව ඉවත්කරගන්නා බවට රාවයක් අමාත්‍යාංශයෙන්ම වාර්තාවන අතර, ඒ අනුව අද 06 වැනි දිනටත් විභාගයට ගන්නා අතුරු පාලක කමිටු නඩුව අමාත්‍යවරයාගේ මෙම තීන්දුවත් සමග විසඳෙනු ඇතැයි වාර්තා වනවා.

අද මෙම පෙත්සම සුපුරුදු පරිදි 06 වැනි දිනටත් සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීමට නියමිතයි.

අද දිනයේදීද අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති අර්ජුන රණතුංග ඇතුළු අතුරු කමිටුවේ සාමාජිකයින් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිතව සිටිනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා මෙම පෙත්සම ගොනු කර ඇත්තේ පෞද්ගලික පෙත්සමක් ලෙස බව ඊයේ (27දා) අධිකරණයේදී කරුණු අනාවරණය වී තිබුණා.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka