gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රොෂාන්, සජිත් හා කිරිඇල්ල සමග ඉන්දියාවේ සහාය ඉල්ලයි

ක්‍රීඩා අමාත්‍යාංශයට හා වාරිමාර්ග අමාත්‍යාංශයට අදාළව ජනාධිපතිවරයා යොමු කළ ප්‍රශ්න දෙකකට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතාට නිසි පිළිතුරක් නොවීම නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුව ධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය බාර දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේ කමිටු ශාලා 3 හි ඇමැති මණ්ඩල රැස්වීම පැවැති අතර එහිදී මෙම ලිපිය බාරදීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

අය-වැය කාල වකවානුව බැවින් ඊට බාධාවක් නොවන ලෙස කටයුතු කිරීම වෙනුවෙන් කැබිනට් හමුව ඊයේ (27) සවස පාර්ලිමේන්තු සංකිර්ණයේදි පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබුණි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සවස පැවැති ඇමැති මණ්ඩල හමුවට ඔහු පැමිණි විගස ජනාධිපතිවරයා විසින් ප්‍රශ්න දෙකක් ඔහුට යොමු කර තිබුණි.

ඉන් පළමුවැන්න ලෙස ජනාධිපතිවරයා විමසා තිබුණේ ක්‍රිකට් අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනු කමිටුවක් පත් කර තිබි දී ක්‍රීඩා ඇමැතිවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලය වෙත ගොස් සජිත් ප්‍රේමදාස හා විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සමඟ ක්‍රිකට් අර්බුදය විසඳීම සඳහා ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට කතා කළේ ඇයිද යන්නයි.

දෙවැනි පැනය ලෙස මහවැලි ඉඩම් බෙදා දීම වෙනුවෙන් ඇමැතිවරයා ලෙස ඔහු ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබූ පිරිසෙන් බහුතරයක් ඔහුගේ දේශපාලන හිතවතුන් සහ ඥාතී මිත්‍රාදීන් වූවේ ඇයි ද යන්නයි.

එසේ කළේ මන්දැයි විමසා ඇති ජනපති ඉඩම් හිමි අහිංසක ජනතාව සිටිය දී මෙලෙස කිරීම ගැටලුවක් බව ද පෙන්වා දී තිබේ.


එම ප්‍රශ්න දෙකටම ඇමැතිවරයා නිරුත්තරවීම තුළ කැබිනට් මණ්ඩල සාමුහිකත්වය කඩ කිරීම පිළිබඳ පෙන්වා දෙමින් ජනාධිපතිවරයා විසින් ඔහුව ඇමැතිධූරයෙන් ඉවත් කිරීමේ ලිපිය බාර දී ඇත. කැබිනට් සාකච්ඡාවකින් පසු ඇමැතිවරයෙක් සිය ධූරයෙන් ඉවත් කළ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසගත වෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

– Dinamina


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka