පොලිස් කොමිසමේ නියෝග පුස්… ශානිගේ විශ්‍රාම වැටුප තවමත් නෑ…
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට හිඟ වැටුප් සහ. විශ්‍රාම වැටුප් ගෙවන ලෙස පොලිස් කොමිසම විසින් නියෝග කොට ඇති නමුත් පොලිස් ප්‍රධානියෙක් සහ දේශපාලන ප්‍රබලයෙක් විසින් එම නියෝගය තුට්ටුවකටවත් මායිම් නොකර කටයුතු කරන බව පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකාරී ශානි අබේසේකරට එරෙහිව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ සිද්ධියක් සම්බන්ධව පවරා තිබූ අවසන් නඩුවේ දී ඔහුට එරෙහිව ඇති චෝදනා සැකයකින් තොරව ඔප්පු කිරීම සඳහා සාක්ෂි නොමැති හෙයින් ගම්පහ අධිකරණය විසින් ඔහුව නිදොස් කොට නිදහස් කරන ලදී.
අනතුරුව 2023.06.08 දින රැස් වූ පොලිස් කොමිසම නියෝග කළේ සියලු හිඟ වැටුප් සහ දීමනා සහිතව විශ්‍රාම වැටුප් සංග්‍රහයේ 2.17 යටතේ වයස අවුරුදු 60 සම්පූර්ණවන දිනයවන 2021.06.30 වැනි දිනට විශ්‍රාම ගැන්වීමට අනුමැතිය ලබා දුන් බවය.
2023.07.11 වන දින ලබා දුන් මෙම නියෝගය මේ වනතුරුත් එම නියෝගය ක්‍රියාත්මක වී නැත.
පොලිස් කොමිසමේ නියෝග පුස්… ශානිගේ විශ්‍රාම වැටුප තවමත් නෑ…
2023-11-01T19:38:00+05:30
Gossip Lanka Hot News






