gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශම්මි මාධ්‍ය හමුවේ කියපු කතාව බොරුවක් බව ESPNcricinfo වෙබ් අඩවිය යළිත් කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරන ලද ඉල්ලීමකට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ඉම්රාන් කවාජා ඇතුළු ප්‍රධානීන් පසුගිය වසරේ නොවැම්බර් මසදී මෙරටට පැමිණි අවස්ථාවේදීත් ක්‍රිකට් සඳහා දේශපාලන මැදිහත්වීමක් පිළිබඳව සාක්ෂි සොයාගැනීමට නොහැකි වූ බව සුප්‍රකට ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය අනාවරණ කරනවා.

එම අනාවරණය සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පසු ජූලි මාසයේදි සුදානම් වු අවස්ථාවේදි සිය මැදිහත්වීමෙන් එය නතර කරගත් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්.

ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් පෙරේදා අදාල මාධ්‍ය හමුව පවත්වා තිබුණා.

කෙසේවෙතත් සුප්‍රකට ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය පවසන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා ඇතුළු නිලධාරින් පිරිසක් 2022 වසරේ නොවැම්බර් මස මෙරට සංචාරයක නිරත වූයේ ද ක්‍රිකට් පරිපාලනයට දේශපාලන මැදිහත් වීමක් ඇති බවට වත්මන් ක්‍රිකට් සභාපතිවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කළ පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ශ්‍රී ලංකා රජයෙන් දේශපාලන මැදිහත් වීමක් ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබු බව එම වෙබ් අඩවිය පෙන්වා දෙනවා.
ඒ අනුව 2022 වසරේ නොවැම්බර් මසදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙරට සංචාරයක නිරත වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ පැමිණිල්ලට අදාළ කිසිදු සාක්ෂියක් එම අවස්ථාවේ ඔවුන්ට සනාථ කර ගැනීමට හැකි නොවු බවයි බවයි ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

මේ අතර, ලබන ජනවාරි මාසයේදී මෙරට පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ද පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට අහිමි විය හැකි බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවේදි ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ නමුත් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සඳහන් කරන්නේ තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගෙන නොමැති අතර අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට සත්කාරකත්වය ලබාදීමට අවස්ථාව ලබා දෙනවාද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ එළඹෙන නොවැම්බර් 21 වැනිදා අහමදාබාද්හිදී පැවැත්වෙන එහි විධායක කමිටු රැස්වීමේදී බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka