gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘ඕකට මං ගහලා දානවා’ - රොෂාන්ට මරණ තර්ජන

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ තමා විසින්ම පත් කළ සුදත් චන්ද්‍රසේකර තමන්ට විවිධ තර්ජනාත්මක ප්‍රකාශ කර ඇති හෙයින් තමාගේත් තම පවුලේ සාමාජිකයන්ගේත් ආරක්ෂාව තහවුරු කරන ලෙස ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී (16) විශේෂ ඉල්ලීමක් කළේය.

ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඉතා බලවත් බවත් ඒ අය අල්ලන්නේ නැති ආයතනයක්, පුද්ගලයකු නැති බවත් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් හෙතෙම කියා සිටියේය. එහිදී රොෂාන් රණසිංහ මහතා මෙසේද පැවසීය.

මම තනතුරුවලින් වැජඹෙන කෙනෙක් නොවෙයි. රටේ පුරවැසියන් අතර මහජනතාවට වගකියන පළමුවැනි තිස් දෙනා අතර ඉන්න කෙනෙක්. මීට දින කිහිපයකට කලින් ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා ශම්මි සිල්වා මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඇමැති කියන තැනකට එන්නම් නැත්නම් එයාව වෙන තැනකට ගෙනියනවා කියලා කියනවා. සුදත් චන්ද්‍රසේකර මම පත්කරපු මිනිහා. ක්‍රිකට් ආයතනය ඔහුව අල්ල ගත්තා. ඔහුගේ ප්‍රකාශයක පටිගත කිරීමක් තියෙනවා “ඕකට මම ගහලා දානවා” කියලා. මේ ප්‍රකාශ දෙක තුළ මගේ පවුලේ ජීවිත අවදානමට ලක් වෙලා තියෙනවා. මේ ගැන බලන්න කියලා මම ඉල්ලනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන
– Divaina


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka