වෙරිටේ රිසර්ච් නම් ආයතනයේ ප්‍රධානියා ආර්ථික ස්ථායිකරණ කමිටුවේ තනතුරක් බලාපොරොත්තුවෙන් සිටි බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.
ඔහුට තනතුරක් ලබා නොදුන් නිසා එම ආයතන විසින් අසත්‍ය සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමින් සිටින බව ඔහු පවසයි.
ව්‍යවස්ථාදායක සභාවට උපදෙස් දෙන කමිටුවේ සාමාජිකයෙකු වීමට ද අදාළ පුද්ගලයා වුවමනාවක් තිබූ බවත් එය ද ඉටු නොවූ බවත් හෙතෙම පැවසීය.
ඉන් අනතුරුව ඔහු සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණට සහාය දෙමින් විවිධ දේවල් ප්‍රකාශ කරමින් සිටින බවද ඔහු පැවසීය.
වෙරිටේ රිසර්ච් ආයතනය වර්තමාන ආණ්ඩුව හා ජනාදිපතිවරයාට ඇති ප්‍රසාදය අඩුවී ඇතැයි ප්‍රකාශ කර ඇති බවත් මෙය විශ්වාස කළ හැකි දෙයක් නොවන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේදී මාධ්‍ය අමතමිනි.