විදෙස් රෝහලක දී කළ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු සඳහා ජනාධිපති අරමුදල රුපියල් එක්කෝටි අනූ එක් ලක්ෂයකට අධික මුදලක් ගෙවා තිබේ. මෙලෙස මුදල් ගෙවා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී රංජිත් සොයිසාට සහ වත්මන් පාර්ලිමේන්තුවේ පොදුජන පෙරමුණු පත් කළ මන්ත්‍රී ජයන්ත වීරසිංහට ය.
රංජිත් සොයිසා මන්ත්‍රීවරයා අභාවප්‍රාප්ත වූ අතර ඔහු වෙනුවෙන් ගෙවා තිබෙන මුදල රුපියල් එක්කෝටි විසි එක් ලක්ෂ හැටදහසකි. එම මුදල පසුගිය වසරේ දී සහ ඊට පෙර වසරේ දී කොටස් දෙකකට ගෙවා ඇත. ජයන්ත වීරසිංහ මන්ත්‍රීවරයා වෙනුවෙන් ගෙවා තිබෙන මුදල රුපියල් හැට නව ලක්ෂ පනස් පන් දහසක් වෙයි. .
මේ අතර හෘද සැත්කම්, පිළිකා රෝග, මොළය ආශ්‍රිත රෝග, දණහිස් හා උකුළ ආශ්‍රිත රෝග, වකුගඩු රෝග සහ වෙනත් ප්‍රතිකාර සඳහා පසුගිය වසරේ දී රෝගීන් පන් දහස් එකසිය එක් දෙනෙක් වෛද්‍යාධාර ඉල්ලීම් කර තිබූ නමුත් ගෙවීම් කර ඇත්තේ රෝගීන් දෙදහස් හත්සිය පනස් දෙනකු සඳහා පමණක් යැයි ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කළ විගණන පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
අයදුම්පත් ඉදිරිපත් කළ සංඛ්‍යාව හා ප්‍රතිලාභ ලැබූ සංඛ්‍යාව සැසඳීමේ දී එය සියයට පනස් හතරක ප්‍රතිශතයක් යැයි ද එම වාර්තාව පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය කළ විමසුමට කළමනාකාරීත්වය කිසිදු පිළිතුරක් ද ඉදිරිපත් කර නැත.
එමෙන් ම අඩු ආදායම්ලාභී පවුල්වල උසස් පෙළ විභාගයට සුදුසුකම් ලබන සිසුන් වෙනුවෙන් ලබා දෙන ශිෂ්‍යත්ව ප්‍රදානය සහ විශේෂ ව්‍යාපෘති වෙනුවෙන් පිළිවෙළින් රුපියල් කෝටි විස්සක් සහ දෙකෝටි පනස් ලක්ෂයක් වෙන් කර තිබූ නමුත් එම වැඩසටහන් කිසිවක් ක්‍රියාත්මක කර නොමැති බවත් විගණන වාර්තාව අනාවරණය කරයි.
එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ කොවිඩ් වසංගත තත්ත්වය සහ වෙනත් ගැටලුකාරී තත්ත්වයන් නිසා යැයි කළමනාකාරීත්වය සඳහන් කර තිබේ.