gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"අනේ මට නුවරඑළිය තැපැල් කාර්යාලය විකුණන්න දෙන්න" - අයවැය කතාව කරමින් ජනපතිගෙන් ඉල්ලීමක්!

නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක කර්මාන්තය සඳහා වෙන් කිරීම හුදෙකලා සිදුවීමක් නොවන බවත් එය නුවරඑළිය සංවර්ධනයේ කොටසක් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අද (13) අයවැය කතාව සිදුකරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පලකළා.

ජනාධිපතිවරයා පවසන්නේ අනාගතයේදී නුවරඑළියට විශ්වවිද්‍යාලයක් ගෙනඒම ඇතුළු දැවැන්ත ව්‍යාපෘති රැසක් ගෙනඒමේ සැලැස්මක්ද ඇති බවයි.

මෙම සියලු ව්‍යාපෘති නුවරඑළියේ පරිසරය සුරකිමින් එහි ඓතිහාසික වටිනාකමද සුරක්ෂිත කරමින් ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ගාලු කොටුවේ තිබූ තැපැල් කාර්යාලයට මේ ආකාරයෙන්ම විරෝධතා රැගෙන විත් එයද සංවර්ධනය කිරීමට අවස්ථාව නොදුන් බවත් එය මේ වන විට කඩාවැටී ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසවා.

නිසි අවස්ථාවේදී එයද සංචාරක කර්මාන්තයට ලබාදුන්නේ නම් එයද තවමත් ආරක්ෂාවී තිබෙන බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

සනුරි ද සිල්වා


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka