ව්‍යාපෘතියකට පාරිසරික වාර්තාවක් නිකුක් කිරීම සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට සැරසෙද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බනධනාගාරගත කළ මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් එස් පතිරගේ ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
රුපියල් 25,000ක මුදල් හා ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදාහැරීමට අධිකරණය නියම කළේය.
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා ලබන 24 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර කර ඇත.
මේ වනවිට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.
මේ වනවිට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.
