gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෂම්මිගේ අභියෝගය රොෂාන් භාරගනී! වහාම ලයිස්තුවක් නිකුත් කරයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා සංවර්ධන කටයුතු සඳහා ජාතික ක්‍රීඩා අරමුදලට ලබාදුන් මුදල් වියදම් කළ ආකාරය දැක්වෙන වියදම් සාරාංශයක් ක්‍රීඩා අමාත්‍යංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය.

මෙම වියදම් සාරාංශය ක්‍රීඩා අමාත්‍යංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවේ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අදාළ මුදල් වියදම් කළ ආකාරය හෙළිකරන ලෙස කළ අභියෝගයෙන් පසුවය.
 
ඒ අනුව ක්‍රීඩා අමාත්‍යංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ජාතික ක්‍රීඩා අරමුදලට ක්‍රිකට් ආයතනයෙන් ලැබුණු රුපියල් ලක්ෂ 2,900ක මුදල වියදම් කළ ආකාරය දැක්වෙන වියදම් සාරාංශයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණි.
 
එම නිවේදනයට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් 28 කෝටි 99 ලක්ෂ අනූදහසක මුදලක් ලබාදී ඇති අතර මේ වනවිට එම මුදලෙන් රුපියල් 25 කෝටි 73 ලක්ෂ 49,179ක මුදලක් වැයකර තිබේ.
 
ක්‍රීඩා අරමුදල සතුව තිබූ මුදල් ශේෂයක්ද සමගින් තවත් රුපියල් 03 කෝටි 26 ලක්ෂ 40,821ක මුදලක් ඉතිරිව තිබෙන බවත් එම නිවේදනයේ සඳහන්ය.

මේ අතර අදාළ වියදම් සාරාංශයට අනුව පැරාලිම්පික් පදක්කම්ලාභීන්ට ත්‍යාග මුදල් ලබාදීම, පොදුරාජ්‍ය මණ්ඩලයීය සහ ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවූ කණ්ඩායම්වලට මූල්‍ය අනුගහය දැක්වීම, ජාතික ක්‍රීඩා අරමුදලේ වැඩසටහන් සඳහා වියදම් දැරීම සහ ආසියානු දැල්පන්දු තරගාවලියට සහභාගීවූ කණ්ඩායමට අනුග්‍රහය දැක්වීම ආදි කාර්යන්වලට මෙම මුදල් වියදම්කර තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka