gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට හොල්ලන නඩු තීන්දුවට පෙර මහ බැංකු ලොක්කන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි!

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සංයුතිය 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත ප්‍රකාර ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිපාලනමය සහ කළමනාකරණ කටයුතු පාලනය කිරීමට සහ මහ බැංකුවේ පොදු ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා වගකිව යුතු ආයතනය ලෙස ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලය පිහිටුවා ඇත.

මෙම නීතියට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මින් පෙර පැවති මුදල් මණ්ඩලයේ පත්කළ සාමාජිකයන් මහ බැංකුවේ පාලක මණ්ඩල සාමාජිකයන් ලෙස අඛණ්ඩ ව කටයුතු කරයි.

ඒ අනුව,2021.06.29 දින සහ 2022.07.27 දින සිට ක්‍රියාත්මක වන පරිදි මුදල් මණ්ඩලයේ පත්කළ සාමාජිකයන් වූ, පිළිවෙලින් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ ඒ. එන් ෆොන්සේකා මහතා තවදුරටත් පාලක මණ්ඩලයේ සමාජිකයන් වූහ.

කෙසේ වෙතත්, 2020.07.29 දින සිට මුදල් මණ්ඩලයේ සාමාජිකාවක වූ ආචාර්ය රානි ජයමහ 2023.09.12 සිට ක්‍රියාත්මක වන පරිදි ඇයගේ ඉල්ලා අස්වීම භාර දුන් බැවින් තවදුරටත් ඇය පාලක මණ්ඩලයේ සාමාජිකාවක නොවිණි.

පාලක මණ්ඩලයේ පත්කළ සාමාජිකයෙකු ලෙස අඛණ්ඩ ව කටයුතු කළ ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා 2023.11.05 සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ ඉල්ලා අස්වීම භාර දුණි.

ඒ අනුව, ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුවට අදාළ ව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එහි අවසන් නඩු තීන්දුව 2023.11.14 දින ලබා දීමට පෙර ආචාර්ය ජයමහ මිය සහ සංජීව ජයවර්ධන මහතා යන දෙපළ සිය ඉල්ලා අස්වීමේ ලිපි යොමු කළහ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka