අයවැය විවාදයේ දී වැඩි වශයෙන් ම විවාදයට ගෙන ඇත්තේ ක්‍රිකට් හා කෝප් කමිටුව ගැන බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
"අද උදේ ගත්තත් පසුගිය දවස් කිහිපය ගත්තත් සමස්ථ අයවැයෙන් 30% ක් 35%ක් ම කතාකලේ ක්‍රිකට් ගැන. තව 30% ක් 35%ක් ම විවාද කරලා තියෙනවා අධිකරණ තීන්දුවක් ගැන. තවත් 10% ක් 15%ක් විවාද කලා රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා සහ කෝප් එක ගැන. ඉතුරු ටිකට තමයි ගරු කථානායකතුමනි මේ අයවැය ලේඛණය ගැන මේ පාර්ලිමේන්තුවේ විවාද කළේ." යනුවෙන් පාර්ලිමේන්තුවේ සඳහන් කළ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, ජනාධිපතිවරයා විසින් 2023 විසර්ජන පනත් කෙටුම්පත හරහා යෝජනා කළ කාරණා ම 2024 විසර්ජන පනත් කෙටුම්පත හරහා ඉදිරිපත් කර ඇති බවයි.
"මේ පහුගිය අයවැයෙත් ඉදිරිපත් කරලා ඒ ඉදිරිපත් කරපු එක නොවිච්ච නිසා නැවත වතාවක් එය ඉටු කරනවා කියන කාරණය අළුත් විදියට ඉදිරිපත් කරනවා නම් ඒ පිළිබදව අපට ගැටළුවක් තියෙනවා. සමස්ථ අයවැයේ රාජ්‍ය ආදායම උත්පාදනය කිරීම සදහා වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ බදු ආදායම වැඩි කරන්න. ඒ කියන්නේ මේ රටේ මහජනතාවගේ එදිනෙදා පරිභෝජනය සදහා භාවිතා කරන කාරණාවලින් පටන් ගත්තාම හැම ක්ෂේත්‍රයකම බදු ආදායම වැඩි කරන්න." යනුවෙන් ද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට අවධාරණය කළා.