ක්‍රිකට් පරිපාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් පාර්ලිමේන්තු වරප්‍රසාදත් උල්ලංඝනය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් කියා සිටියේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ප්‍රමුඛ කණ්ඩායම ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් ගෙන එන ආකාරයට කටයුතු කළ බවට මීට පෙර වගකීමෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවත් එම ප්‍රකාශය තහවුරු කිරීම සඳහා නොවැම්බර් 6, 7 සහ 9 යන තෙදින මෙරට ක්‍රිකට් පරිපාලනය අයි. සී.සී. සභාපතිවරයාට යොමු කර ඇති ලිපි සභාගත කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම මේ ලිපිවල බරපතළ කරුණු රැසක් ඇති බවත් එක ලිපියක මේ අන්තර්වාර කමිටුව පත් කිරීම වැරදි ක්‍රියාවක් ලෙස සඳහන් වුවත් 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 විධිවිධන අනුව ක්‍රීඩා ඇමැතිවරයාට එම බලතල ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ නීතිය මෙය වුවත් එවැනි නීතියක් නැති ආකාරයට ක්‍රිකට් පරිපාලනයට ලිපි යැවීමට හැකිදැයි ගැටලුවක් බවයි.
මෙරට ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තරයට බොරු කියා ශ්‍රී ලංකා ක්‍රිකට් හි දූෂණ වංචා සහ ප්‍රතිව්‍යුහගත කිරීම් සම්බන්ධ විගණන වාර්තාව, චිත්‍රසිරි වාර්තාව සහ කුසලා සරෝජනී වාර්තාවට පවා වාරණ නියෝග දමා ඇති බවත් බොරු කියමින් සැමටම උඩින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියා කිරීම සම්බන්ධයෙන් අදිසි හස්තයක් ඇති බවට සැකයක් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් අතුරු කමිටුවක් පත් කළහොත් වහාම ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමට සිදුවන බවට ක්‍රීඩා ඇමැතිවරයාට අනතුරු අඟවන ලෙස අයි.සී.සී. එකෙන් ඉල්ලා ඇති බවත් එසේම අන්තර්වාර කමිටුවක් ගෙන ආවොත් 2024 ජනවාරි මස පැවැත්වීමට නියමිත 19 න් පහළ ලෝක කුසලාන තරගය වෙනත් රටකට ගෙන යාම, 2024 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුව වෙනත් රටකට ගෙන යෑම, 2026 පෙබරවාරියේ පැවැත්වීමට නියමිත 20-20 ලෝක කුසලානය වෙනත් රටකට ගෙන යෑම සහ 2027 පෙබරවාරි මස පැවැත්වීමට නියමිත කාන්තා 20-20 තරගය ශ්‍රී ලංකාවේ නොපවත්වා වෙනත් රටකට ගෙන යන යෝජනා ඉදිරිපත් කර ඇති බවත් මේවා රටට ද්‍රෝහි වීමක් සහ රට පාවාදීමක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන
– Divaina