gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අතුරුදහන් වෙලා තියෙන්නේ තෙල් බවුසර පිටින්… මිල්කෝ ආයතනය තුළ අවුරුදු 08ක කාලයක් පවත්වාගෙන ගිය කෝටි ගණනක ඉන්ධන වංචාවක් හෙළි වෙයි

ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් මිල්කෝ ආයතනයට අයත්  අඹේවල කර්මාන්තශාලාව සඳහා  ඉකුත් වසර අට  තුළදි (2015 වර්ෂයේ සිටි 2022 අගෝස්තු31 දක්වා)  නිකුත්කරනු ලැබු  රුපියල් එක්කෝටි හැත්තෑදෙලක්ෂ ,නව දහස් හාරසිය හැටහතක් වටිනා (17,209,467) ඩිසල් ලීටර් 165,300ක් මිල්කෝ ආයතනයේ කර්මාන්තශාලවේ තෙල් ටැංකිවලට  ගොඩබැමේ කටයුතු සිදුවි නොමැති බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

එමෙන්ම ඉකුත් වසර හය තුළදි (2017 වර්ෂයේ සිට 2022 අගෝස්තු 31 දක්වා)  රුපියල් 9,364,835ක් වටිනා ඩිසල් ලිටර් 92400 රැගත්  බවුසර් රථ 14ක් කර්මාන්තශාලාව වෙත  පැමිණ නොතිබු අතර එම ඉන්ධන සඳහා ගෙවිම්කර තිබුණි.

ඇතැම් තොග  සම්බන්ධයෙන්  ඉන්වොයිස්වල දැක්වෙන අත්සන්  ආරක්ෂණ අංශයේ නිලධාරින්ගේ අත්සන් හා  නොසැසදෙන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ඉන්ධන තොග ලැබිමේ ආරක්ෂක අංශයේ ලේඛණ පරික්ෂාවේ දි මෙම තොරතුරු අනාවරණය වි ඇත.

එමෙන්ම  අඹේවල කිරි කර්මාන්තශාලාවේ  විදුලි ජනක යන්ත්‍රය සදහා ටැංකිවලින්  ඩීසල් නිකුත්කිරිමේ දි  ඩිසල් ලිටර් 58703 ප්‍රමාණයක් අස්ථානගතවි ඇති බවද විගණනයේ දි අනාවරණය වි ඇත.

අඹේවල කිරි කර්මාන්තශාලාවේ  ඉන්ධන මිලදි ගැනිමේ දි හා නිකුත් කිරිමේ දි  සිදුවි ඇති වංචාවන් අනුව  එහි අභ්‍යන්තර පාලනය  ඉතා දුර්වල මට්ටමක ඇති බව නිරික්ෂණය වන  බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ඉන්ධන අක්‍රමිකතාවයන්ට සම්බන්ද පාර්ශවයන් සඳහා විනයානුකුලව පියවරගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

මේ පිළිබද මිල්කෝ සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ  ඩීසල් තොග අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන්  අභ්‍යයන්තර විගණන අංශය විසින් පුර්ණ විගණන පරික්ෂණයක් සිදුකළ බවය.

එම වාර්තාව මගින් හෙළිවු කරුණු අනුව  මේ සඳහා වගකිවයුතු නිලධාරින්ගේ වැඩතහනම් කොට  ඉදිරි විනය පරික්ෂණ සිදුකරමින් පවතින බවය.

මේ සම්බන්දයෙන් අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුව මගින්ද පරික්ෂණ කටයුතු සිදුකරමින් පවතින බව සමාගමේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන්කොට ඇත.

ලංකාසර


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka