සුරාබදු දෙපාර්තමේන්තුවෙන් උදේ නිශ්පාදන අත් හිටවූ මෙන්ඩිස් සහ රන්දෙනිගල අරක්කු කොම්පැණි හවස් වනවිට යළි වැඩ!
බදු ගෙවිම පැහැර හැරීම නිසා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ස්කාගාර දෙකක්වන ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම සහ රන්දෙණිගල ඩිස්ටිලරීස් සමාගමේ මත්පැන් නිශ්පාදන ක්‍රියාවලි ඊයේ උදේ අත්හිටුවීමෙන් පසු, හවස් වනවිට හිඟ බදු මුදලින් කොටසක් වූ කෝටි 11කට අධික මුදලක් ගෙවීමට එම සමාගම් කටයුතු කළ බවත්, ඒ නිසා ඊයේ සවස වනවිට යළිත් මත්පැන් නිශ්පාදන කටයුතු සඳහා ඔවුන්ට අවසර දුන් බවත් සුරාබදු දෙපාර්තමේන්තුව කියයි.
මෙම සමාගම් දෙක විසින් ගෙවීම් පැහැර හැරතිබූ බදු මුදලෙන් ඊයේ සවස් වනවිට ගෙවූ කොටස රුපියල් මිලියන 116ක් විය.
බදු ගෙවීම පැහැර හැරීම නිසා නොවැම්බර් මාසයේදී, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බලපත්‍ර අත්හිටුවන ලද සමාගම් පහ අතරට ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම සහ රන්දෙණිගල ඩිස්ටිලරීස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ඇතුළත් විය.
සුරාබදු දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙම මත්පැන් නිශ්පාදන ආයතන පහ හිඟ බදු නොගෙවීම හේතුවෙන් සහ වාර්ෂික බලපත්‍ර අලුත් නොකිරීම හේතුවෙන් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත් හිටවූ බවය.
මෙන්ඩිස් සහ රන්දෙනිගල සමාගම් දෙකේ මත්පැන් නිශ්පාදන බලපත්‍ර අද උදේ අත්හිටුවීමෙන් පසු මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවට දන්වා සිටියේ මත්පැන් නිෂ්පාදන සමාගම් පහ හිඟ බදු මුදල් ලෙස රුපියල් මිලියන 2,715ක් රජයට ගෙවිය යුතු බවය.
රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ, බදු ගෙවීම පැහැර හැරීම නිසා එකතුවන සියයට තුනක දඩය සමඟ රජයට අය විය යුතු සම්පූර්ණ බදු මුදල රුපියල් මිලියන 6,721 ක් බවය.
ලංකාසර
සුරාබදු දෙපාර්තමේන්තුවෙන් උදේ නිශ්පාදන අත් හිටවූ මෙන්ඩිස් සහ රන්දෙනිගල අරක්කු කොම්පැණි හවස් වනවිට යළි වැඩ!
2023-11-29T13:16:00+05:30
Gossip Lanka Hot News






