gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට!

ජනාධිපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා ලෙස මීට සුලු මොහොතකට පෙර පත්කර තිබේ.

හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න පසුගිය 24 දා විශ්‍රාම ගිය අතර පුරප්පාඩුවට පත්කළ යුත්තේ කවුරුන්ද යන කාරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් එදින සවස විශේෂ සාකච්ජාවක් කැඳවා තිබිණ. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක එම සාකච්ජාවට එක්ව සිටි අතර එහිදී දේශබන්ධු තෙන්නකෝන් වැඩබලන පොලිපතිවරයා ලෙස පත්කිරීමට එකඟත්වයක් ඇතිකර ගෙන තිබිණ.

ජනාධිපතිවරයා පසුගිය සඳුදා පැවති කැබිනට් රැස්වීමේදී ද ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණ.

ශ්‍රී ලංකාව් වඩාත්ම අභියෝගාත්මක පොලිස් පරිපාලන ප්‍රදේශය වන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් හෙවත් T. M. W. D. තෙන්නකෝන්, පොලිස් සේවය වෙත එක්වී ඇත්තේ වර්ෂ 1998.02.23 වන දිනයි.

ඔහු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස්වීම් ලැබුවේ 2019.11.20 දිනය.

ඔහු පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත්තේ,  2032.03.07 දිනයි.

 කෝවිඩ් ව්‍යාප්තිය පාලනය, පාතාල ක්‍රියා මර්ධනය, මත්ද්‍රව්‍ය නාශක කටයුතු හා සිය යටත්පිරිසෙහි නිළධාරීන්ගේ සුභසාධන හා පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් හා මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් පුනරුත්ථාපනය කිරීම සම්බන්ධයෙන් ඉතා වෙහෙසකර ව්‍යායාම් රැසක නිරත වී සිටින නිළධාරියෙකි.

සහකාර පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් පොලිස් සේවයට බැදුනු තෙන්නකෝන්, දිවයිනේ විවිධ දිස්ත්‍රික් භාරව කටයුතු කර, වර්ෂ 2006 දී, පොලිස් අධිකාරී නිළයට උසස්වීම් ලබා, සිය මුල්ම කොට්ඨාස භාර පත්වීම ලබන්නේ නුවරඑළියටය. පොලිස් අධිකාරී නිළයට උසස්වීම් ලැබ, දින 05 කින් කොට්ඨාස භාර නිළධාරියෙක් ලෙස පත්වීම් ලැබ, එතෙක් මෙතෙක් පොලිස් ඉතිහාසයේ වාර්තා පොත් අතරට එක්වන්නේ, එවකට පොලිස්පති වික්ටර් පෙරේරා මහතාගේ දැඩි අවධානය හා විශ්වාසයට පාත්‍ර වෙමිනි.

නුවරඑළිය කොට්ඨාසයෙන්, ශ්‍රී ලංකාවේ තවත් අභියෝගාත්මක පොලිස් කොට්ඨාසයක් වන නුගේගොඩ කොට්ඨාසය භාර පොලිස් අධිකාරී වශයෙන් පත්වන ඔහු, මිරිහානේ පිහිටි ජේෂ්ඨ පොලිස් අධිකාරී කාර්‍යාලයේ සිට නුගේගොඩ පොලිස් කොට්ඨාසය සිසාරා ප්‍රජා පොලිස් ඒකක පිහිටුවන්නේ, එවකට පොලිස්පති වික්ටර් පෙරේරා ගේ සංකල්පයක් මත පොලිස් සේවයට එක්වූ ප්‍රජා පොලිස් සේවාව තවදුරටත් ව්‍යාප්ත කරමිනි.

2011 වසරේදී, ජේෂ්ඨ පොලිස් අධිකාරී නිළයට උසස්වීම් ලද තෙන්නකෝන්, නුගේගොඩට සමුදී, මාතර කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා වශයෙන් පත්වීම් ලබන අතර, වර්ෂ 2011-2015 මාතර පොලිස් කොට්ඨාසය ස්වර්ණමය කරමින්, වර්ෂ 2015 දී, සිය නියෝජ්‍ය පොලිස්පති උසස්වීම ලබන්නේ වන්නි දිසාව භාරවය. වන්නි දිසාවේ සිට, පොලිස් පරිපාලනයේ තවත් අභියෝගාත්මක දිසාවක් වන බස්නාහිර - උතුරු දිසාව භාරව හා අපරාධ / අපරාධ බුද්ධි තොරතුරු දිසාව හා ප්‍රජා පොලිස් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද ඉතා ක්‍රියාකාරී ලෙස රාජකාරි ඉටුකල නිළධාරියෙකි.



ඉන් අනතුරුව, වර්ෂ 2019.11.29 දින, රාජකාරි ආවරණ පදනමින් වැඩබලන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිළයට උසස්වීම් ලබන දේශබන්දු තෙන්නකෝන්, 2019.12.05 දින බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්වීම් ලබයි. වර්ෂ 2020.01.01 දින සිය ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිළයේ ස්ථිර වන ඔහු, මේ දක්වා පුරා වසර 03 කුත් මාස 10 ක් බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර හොබවයි.

කොළඹ ආරක්‍ෂාව සඳහා සහ පාතාල අපරාධ ක්‍රියා මර්දනය සඳහා ආරක්‍ෂක ‘Security Eye’ නමැති සංකල්පය හඳුන්වාදෙනු ලැබුවේ තෙන්නකෝන් විසින්ය.

එමෙන්ම පතාල ලෝකයේ දරුණු අපරාධකරුවන් මර්දනය කිරීම මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු අපරාධ මර්දනය කිරීමේලා මහඟු සේවයක් කර ඇති දේශබන්දු තෙන්නකෝන්, මහජන ආරක්‍ෂක කමිටු පිහිටුවා පොලිසිය සහ මහජනතාව අතර සම්බන්ධයක් ගොඩනැඟීමට ද කටයුතු කළේය.

2020 වර්ෂයේ මුල් භාගයේ ඇරඹි කොවිඩ් -19 වසංගතය හමුවේ බස්නාහිර පළාත තුළ සෞඛ්‍ය ආරක්‍ෂක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම දීර්ඝ කාලයක් තිස්සේ නිවෙස්වලට කොටුවී සිටි ජනතාවට ආහාරපාන ඇතුළු අනෙකුත් පහසුකම් සපයමින් ව්‍යසන ව්‍යාප්තිය පාලනය කිරීමට මහඟු සේවයක් ඉටු කිරීමට දේශබන්දු තෙන්නකෝන් ට හැකි විය.

එමෙන් ම කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලසම් සකස් කිරීම බස්නාහිර පළාතේ ක්‍රියාත්මක පාතාල කල්ලි මර්දනය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීමට දැඩි වෙහෙසක් ගෙන කටයුතු කරන තෙන්නකෝන් මහතා මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ "සවිය" නම් වූ ප්‍රජා මූල වැඩසටහනද ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කළේය.

වර්තමානයෙහි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන්, අපරාධ මර්දනයේදී කළ මැදිහත්වීම කැපී පෙනෙයි.

විශේෂයෙන් ම, මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීම සඳහා ආරක්ෂක හමුදා ද ඒකාබද්ධ කර ගනිමින් දියත් කළ විශේෂ මෙහෙයුම් නිසා මත්ද්‍රව්‍ය මාෆියාවේ සැලකිය යුතු මහ මොළකරුවන් පිරිසක් ආසන්න කාලයේදී පොලිස් අත්අඩංගුවට පත්විණි.

එසේ ම, කොවිඩ් – 19 වසංගත සමයේදී ජාතික ප්‍රවාහන සේවා බිඳ වැටී මහජන සේවාවලට බාධා පැමිණි අවස්ථාවේදී ඒවා යථාවත් කිරීමට දේශබන්දු තෙන්නකෝන් , මැදිහත් වී සකස් කළ වැඩපිළිවෙළ එකල බොහෝ පිරිසකගේ ප්‍රශංසාවට ද ලක්විය.

පොලිස් සේවයේ වසර 25 ක් සම්පූර්ණ කොට, සුවිශාල අත්දැකීම් හා පරිචයක් ලබා ඇති ඔහු, කොළඹ නාලන්දා විද්‍යාලීය ආදී සිසුවෙකි. එසේම ඔහු, කැළණිය සරසවියේ උපාධිධාරියෙකි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka