gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

හිරුණිකා අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙදෙනෙකු වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විරෝධතාවයක් පැවැත්ම සම්බන්ධයෙන් වන නඩුවක් විභාගයට ගත් අවස්ථාවේ ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥයා පැවසුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අසනීප තත්ත්වයෙන් පසුවන නිසා අධිකරණයට නොපැමිණි බවයි.

නමුත් ඊට අදාළ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම මත මෙම නියෝගය නිකුත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර ඇති සෙසු සැකකරුවන් දස දෙනාම විවෘත අධිකරණය පෙනී සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka