gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අභියාචනාධිකරණයෙන් නිශ්ප්‍රභ කළ ඩයනාගේ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනියන්න සූදානම්!

රිතාන්‍ය පුරවැසි ඩයනා  ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙක් වූ ඕෂල හේරත් විසින්  ගොනු කෙරුණු පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව  (ඔක්. 31) නිෂ්ප්‍රභ විමෙන් පසු එම නඩුව යළි ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරීම පැමිණිලිකාර පාර්ශවය සූදානම් වෙමින් ඇත.

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක බැවින්, ඇයට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන්නැ යි ඔහු මෙම  පෙත්සම ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේය.

පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඛේමා ස්වර්ණාධිපති සහ ඒ. මරික්කාර් යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කෙරුණි.

බෙදුනු තීන්දුව

එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් වන අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඛේමා ස්වර්ණාධිපති   තීන්දු කළේ අදාළ පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමටය.

ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයා කීවේ මෙවැන්නකි.

“මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කර අධිකරණයෙන් සහන පැතීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කර තිබිය යුතුයි. එහෙත් පෙත්සම්කරු අධිකරණයට පැමිණ තිබෙන්නේ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව යි. පෙත්සම්කරු සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ වගඋත්තරකාරියට තිබෙන අපරාධ නඩුව පමණයි.

ඒ වගේම පෙත්සම්කරු නියෝජ්‍ය ආගමන හා විගමන පාලකවරයා පොලිසියට ලබාදුන් ප්‍රකාශ කීපයක් මත විශ්වාසය තබා අධිකරණයට පැමිණ තිබෙනවා.

සාක්ෂි ආඥා පනත ප්‍රකාරව මෙම සාක්ෂි පිළිගන්න පුළුවන් ද කියන ගැටලුව අධිකරණයටත් මතුවෙනවා. ඒ නිසා පෙත්සම්කරු ඉදිරිපත් කර තිබෙන සාක්ෂි ඔහු විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ඉල්ලීම තහවුරු කිරීමට ප්‍රමාණවත් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුව පෙත්සම්කරු අධිකරණයට පැමිණ තිබෙන්නේ ඔප්පු කිරීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැතිවයි.”

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා පැහැදිලිවම ප්‍රකාශ කළේ  පෙත්සම්කරු විසින් වගඋත්තරකාර ඩයනා ගමගේ වෙත එල්ල කරන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ හැකි කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කර නැති බවය.

පෙත්සම්කරු ඩයනාගේ හොඳ නම විනාස කරන්න හදනවා

“මහජන සුභසාධන නඩුකරයක් වශයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කළ බව පෙත්සම්කරු පවසනවා. මහජන සුභ සාධනය සඳහා නඩු ඉදිරිපත් කිරීමේ දී ඒ පිටුපස සැඟවුණු දේශපාලන න්‍යාය වලින් තොරව එය ඉදිරිපත් කළ යුතුයි. එවැනි නඩුකර වලින් සදාචාර විරෝධී ලෙස ලාභ ප්‍රයෝජන අපේක්ෂා නොකළ යුතුයි. එසේම සද්භාවයකින් යුතුව ඉදිරිපත් කළ යුතුයි. “

“වගඋත්තරකාර ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අපකීර්තියට පත් කිරීම සහ ද්වේශසහගත ලෙස ඇයගේ හොඳ නම පළුදු කිරීමේ අරමුණින් සිය පෞද්ගලික න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් පෙත්සම්කරු මෙය ඉදිරිපත් කර තිබෙනවා. එය අධිකරණයෙන් සහනයක් ලබාගැනීමට සුදුසුකමක් නොවෙයි” යනුවෙන් වැඩි දුරටත් කරුණු දැක්වූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න කියා සිටියේය.

ඒ අනුව ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළේ පෙත්සම්කරු ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීමට තරම් ඔහු විසින් අධිකරණය හමුවේ සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති හෙයින් ඔහුගේ පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන බවය.

ඩයනාට යන්න කියන සුළුතර තීන්දුව

ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සුළුතර තීන්දුව ලබා දුන් සාමාජික විනිසුරු ඒ. මරික්කාර්   ප්‍රකාශ කළේ වගඋත්තරකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වශයෙන් මහජනතාවට වගවීමට හා විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට බැඳී සිටින බවයි.

එමෙන්ම වගඋත්තරකාරිය සිය ශ්‍රී ලාංකික පුරවැසිභාවය පිළිබඳව කරුණු තහවුරු කිරීමට අසමත් වී ඇති බවත් ඒ අනුව ඇයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු කමක් නොමැති බවත් ය.

ඒ අනුව වගඋත්තරකාර ඩයනා ගමගේට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු කමක් නොමැති බව තීන්දු කරමින් රිට් ආඥාවක් නිකුත් කරන බවත් ඇය විසින් පෙත්සම්කරුට නඩු ගාස්තු ගෙවිය යුතු බවත් මරික්කාර් විනිසුරුවරයා නිකුත් කළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka