gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

CBK යළි සන්ධානයක් හදන්න පෙරමුණ ගනියි; ලංසාත් CBK හමුවෙලා

ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගෙන නව දේශපාලන සන්ධානයක් සැකසීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය (CBK) පෙරමුණ ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව කලකට පෙර පිහිටුවන ලද පොදු පෙරමුණ (පුටුව ලකුණ සහිත) නැවත පණගැන්වීමට පියවර ගනිමින් සිටින බව සඳහන් වෙයි.

මේ සඳහා දැනට සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතැයිද පැවසේ.

එහිදී යෝජනා වී ඇත්තේ ශ්‍රීලනිප සභාපති ධූරයට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පත්කරගෙන පක්ෂයේ නායකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරීමයි.

කෙසේවුවද, ශ්‍රීලනිපයේ කණ්ඩායමක් චන්ද්‍රිකා මහත්මියට යෝජිත සන්ධානයේ නායකත්වය පැවරීමට විරෝධය දැක්වීම නිසා එය ආරම්භ කිරීම තරමක් ප්‍රමාද වී ඇතැයි පැවසේ.

කලක් දේශපාලනයේ තිරය පිටුපස චරිතයක් ලෙස සැලැකෙන හිටපු ජනපතිනිය එවකට ප්‍රබල මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කර යහ පාලන ආණ්ඩුව සකස් කිරීමට විශාල කැපවීමක් කළ තැනැත්තියක් ලෙස සැලැකේ.

එහිදී ඇය ඒ සඳහා ඉන්දීය රජයේ සහයෝගය ලබාගත් බවට ද එකල මාධ්‍ය වාර්තා පැතිර තිබිණි.

මේ අතර, තවත් දේශපාලන සන්ධාන තුනක් සකස් කිරීමට වෙනත් පාර්ශව කිහිපයක් උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ

මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය යටතේද අලුත් දේශපාලන සන්ධානයක් පිහිටුවීම ඉන් තවත් ප්‍රධාන එකක් බව පැවසේ.
-srilankamirror
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka