දේශබන්දු පොලිස්පති පුටුවට..
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා පත් කිරීමට ඉඩ ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග කියා සිටියි.
ඒ මහතා එම ධූරයේ මාස තුනක කාලයක් වැඩ බැලීමට පත් කරනු ඇතැයිද දැනගන්නට ඇත.
සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් ඉකුත් විසිපස්වන දින විශ්‍රාම ගියේය.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ වැඩ බැලීමට පත් කිරීමෙන් පුරප්පාඩු වන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරි වරුණ ජයසුන්දර මහතා පත් කිරීමට ඉඩ ඇති බවද වාර්තා වෙයි.
දේශබන්දු පොලිස්පති පුටුවට..
2023-11-27T00:07:00+05:30
Gossip Lanka Hot News






