ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂකයන් පළවා හරින්න… ඡන්දයක් නොවිමසා යෝජනාව ඒකමතිකව සම්මත කරයි…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව රජය සහ විපක්ෂය එක්ව ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වූයේය. ඒ ඡන්ද විමසීමකින් තොරවය.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද අතර එය රජය වෙනුවෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ස්ථිර කරනු ලැබ අනතුරුව දවස පුරා විවාදයට ගැනුණි.
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු දූෂිත නිලධාරීන් ඉවත් කිරීම” යන මැයෙන් වූ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේද සහය හිමි විය.
විවාදය අවසානයේ දී විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටියද කථානායකවරයා ඡන්දයක් නොවිමසා යෝජනාව සම්මත කළේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට එකඟ වූ බව පවසමිනි.
මේ ප්‍රවේශය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් දැඩිව විවේචනය කෙළ් කථානායකවරයා ඡන්ද විමසීම වැළැක්වූ බව ප්‍රකාශකරමිනි.
“ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට තවත් පහරක්. බරපතල දූෂණ චෝදනා මත ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ඉවත් කිරීම සඳහා වන විවාදයේදී බෙදීමක් (නම අනුව ඡන්දය) ඉල්ලා නැවත නැවතත් කළ ඉල්ලීම කථානායකවරයා ප්‍රතික්ෂේප කළා
ඒ වෙනුවට ආණ්‌ඩුවේ ප්‍රධාන බෙදීම වසන් කිරීමට ඡන්දයකින් තොරව යෝජනාවක් සම්මත කර ගත්තා” සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පැවසුවේය
ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂකයන් පළවා හරින්න… ඡන්දයක් නොවිමසා යෝජනාව ඒකමතිකව සම්මත කරයි…
2023-11-10T06:10:00+05:30
Gossip Lanka Hot News






