වහාම ක්‍රියාත්මක වන පරිදි 8,9,10 දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. තැපැල්පති රුවන් සත්කුමාර මෙම තීරණය ගෙන ඇත්තේ අවුරුදු දෙසීයක් පැරණි ඓතිහාසික රාජකීය තැපෑල සම්බන්ධ ලංකාව සතු විශිෂ්ටම සජීවී සිහිවටනය වූ නුවරඑළිය තැපැල් කාර්යාලය එම ගොඩනැගිල්ලෙන් ඉවත් කර එය සංචාරක හෝටලයක් සඳහා පවරා ගැනීමටට එරෙහිව තැපැල් වෘත්තීය සමිති විසින් පැය 48ක සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශ කිරීමත් සමගය.
තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය, ශ්‍රි ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගමය, ජාතික තැපැල් සහ විදුලි සංදේශ සේවක සංගමය, එක්සත් ජාික තැපැල් සේවක සංගමය. සමස්ථ ලංකා තැපැල් සහ විදුලි පණිවුඩ සේවක සංගමය සහ ශ්‍රි ලංකා නිදහස් තැපැල් වෘත්තියවේදීන්ගේ සංගමය විසින් මෙම සංකේත තැපැල් වර්ජනය හෙට (07) මධ්‍යම රාත්‍රී 12 සිට බ්‍රහස්පතින්දා රාත්‍රී 12 දක්වා පැය 48ක කාලයක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙම විශාල ආර්ථික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුවෙන් ඉවත් නොකරන ලෙස ද තැපැල් සේවකයින් වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තු වෘත්තීය සමිති ඉල්ලා සිටිති.
එසේ නොවුනහොත් අඛන්ඩ වර්ජනයක් කරා යොමුවීමට සිදුවන බව තැපැල් වෘත්තීය සමිත දැනුම් දෙනු ලබයි.