අතුරු කමිටුව අහෝසි නොකලොත් ක‍්‍රීඩා පවරගන්නවා කියා ජනපති කිවුවා... හෙට මම විශේෂ ප්‍රකාශයක් කරනවා - ක්‍රීඩා ඇමැති (VIDEO)
ක්‍රිකට් අතුරු කමිටුව අහෝසි කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට දැනුම් දුන් බවත් තමන් එය කල නොහැකි බව පැවසූ බවත් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
ක්‍රීඩා විෂය තමන් යටතට ගන්නා බව එහිදී ජනාධිපතිවරයා පැවසූ බවත් තමන්ගේ ඇමති ධුරයෙන්ම ඉවත් කරන ලෙස එවිට තමන් පැවසූ බවද කියා රණසිංහ මහතා කියා සිටියේය.
ශ‍්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන්නේ මංකොල්ලකාරයන් පිරිසක් විසින් බවත් එනිසා තමන් අතුරු කමිටු අහෝසි නොකරන බව පැවසූ ඔහු අතුරු කමිටුවට එරෙහිව අධිකරණ නියෝගයක් ගැනීම පාර්ශවය අතර ගැටුමක් ඇති කිරීමක් බවත් හෙතෙම තවදුරටත් අද පාර්ලිමේන්තුව අමතමින් සදහන් කලේය.

‘ජනාධිපති තුමා කාර්යාලට කතා කරල මට කිව්වා මේ කමිටුව පත්කළ එක අයින් කරන්න එහෙම නැතිනම් ක්‍රීඩා නීතිය එතුමා යටතට ගන්නවා කියලා. මං කිව්වා ජනාධිපතිතුමා ක්‍රීඩා නීතිය නෙවෙයි මාව අයින් කරල ඇමතිකමින් ඔබතුමා කැමති තීන්දුවක් ගන්න කියලා. මම කිව්වා මම කිසිසේත්ම මං පත් කරපු කමිටුව ඉවත් කරන්න නෑ කියලා’
අතුරු කමිටුව අහෝසි නොකලොත් ක‍්‍රීඩා පවරගන්නවා කියා ජනපති කිවුවා... හෙට මම විශේෂ ප්‍රකාශයක් කරනවා - ක්‍රීඩා ඇමැති (VIDEO)
2023-11-07T14:36:00+05:30
Gossip Lanka Hot News