gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සාලිය පීරිස්ගෙන් ජනපතිට උත්තරයක්! මා ඔබ වගේ නොවෙයි… මා කවදාවත් ප්‍රතිපත්ති පුද්ගලික වාසියට තනතුරු කෑදරකමට පාවා දී නෑ….

ජනාධිපති ධූරය හොබවන රනිල් වික්‍රමසිංහ  වැනි දේශපාලකයන් මෙන් තමන් කිසිම විටෙක පෞද්ගලික අභිලාෂයන් රටේ අවශ්‍යතාවලට වඩා ඉහළින් තබා නැති බවත් මැයි 09 වැනිදාට පෙර රටේ අගමැතිවීමේ අභිලාෂයක් තමන්ට ඇති බවට ඔහු පෙරේදා (24)  පාර්ලිමේන්තුව තුළ සිදුකළ  සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශය සිදුකරන්නේ පිළිතුරු දිය නොහැකි පාර්ලිමේන්තුවේ මුක්තියට යටත් වී බවත් නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.
සාලිය පීරිස් මේ පැහැදිලිකිරීම කරන්නේ  පෙරේදා (24) ජනාධිපතිවරයා  පාර්ලිමේන්තුව තුළ  විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්  අරගලයේ නොදත් බලවේගය   පසුපස මැයි  09 වැනිදාට පෙර  අගමැති ධූරය ලබා ගැනීමට සූට් මසාගෙන සිටි සාලිය පිරීස් සිටියේ යැයි සැක සිතන බවට පැවසීමෙන් පසුය.

ජනාධිපති නීතිඥ සාලිය පිරීස් කියන්නේ අවාසනාවට මෙවැනි බොරු ප්‍රකාශ ජනාධිපතිවරයා විසින් සිදුකරන්නේ පාර්ලිමේන්තු මුක්තියට මුවා වී බවය.
2022 මැයි මාසයේදී ඉදිරිපත් කරන ලද නීතිඥ සංමයේ  යෝජනා කිසි විටෙක පුද්ගලයන් ගැන සඳහන් නොකළ බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.

එම යෝජනා  නීතිඥ සංගමයේ  විධායක කමිටුව විසින් හොඳින් සිතා බලා සකස් කිරීමෙන් පසු  නීතීඥ මණ්ඩලය විසින් අනුමත කරන ලද ඒවා බව ඔහු පෙන්වා දෙයි.

නීති ප්‍රජාව මෙම යෝජනා ඉදිරිපත් කළේ ශ්‍රී ලංකාවේ සහ එහි ජනතාවගේ අවශ්‍යතා පෙරදැරි කරගෙන ශ්‍රී ලංකාවේ දේශපාලන සහ පාලන අර්බුදයට විසඳුමක් යෝජනා කිරීමේ අරමුණින් බව පසන සාලිය පිරීස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැනි  දේශපාලනඥයන් මෙන් තමන්  කිසිවිටෙකත් පෞද්ගලික අභිලාෂයන් රටේ අවශ්‍යතාවලට වඩා ඉහළින් නොතැබූ බව අවධාරණය කරයි.

“මා කවදාවත් මගේ ප්‍රතිපත්ති පෞද්ගලික වාසි තකා හෝ තනතුරේ කෑදරකමට කැප කරලා නෑ.”
ජනාධිපති නීතිඥ  සාලිය පිරිස් ජනාධිපතිවරයාට දන්වයි.



gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka