gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පුද්ගලිකයි රහසිගතයි කියලා හංගන්න එපා! රාජ්‍ය බැංකුවලින් ණය අරගෙන ගෙවලා නැති ලොකුම 10 ‌දෙනා කව්ද? ගෙවලා නැති ණය මුදල කොච්චරද? අය විය යුතු පොලිය කොච්චරද? VIDEO

ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකු 2ක් වන ලංකා බැංක-ුව සහ මහජන බැංකුව මහපරිමාණ පෞද්ගලික ණය කරුවන්ගෙන් ණය නැවත අය නොකර ගන්නා හෝ බොල් ණය ලෙස කපා ගැනීම් හෝ සිදු කරන බවට ජනතාව අතර සැකයක් පවතින බවත් බැංකුවක ප්‍රධානම ආදායම් මාර්ගය වන්නේ ණය ලබා දීමෙන් අය කර ගන්නා පොලිය වුවත් මෙසේ ණය අයකර නොගන්නේ නම් එය ද්‍රවශීලතා අර්බුධයකට ගමන් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රටේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විශාල ප්‍රමාණයකට තම ව්‍යාපාර හා කර්මාන්ත අහිමි වෙමින් පවතින මොහොතක පරාටේ නීතිය තුළ ඔවුන්ගේ වත්කම් අතිමහත් බහුතරයක් තරගයට වෙන්දේසි කර ගෙන යන බවත් එය දරුණු ඛේදවාචයක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නමුත් මහාපරිමාණයෙන් ණය ගත් පුද්ගලයන්ගෙන් දේශපාලන බලය, ධන බලය හෝ අදෘෂ්‍යමාන බලයක් නිසා ඔවුන්ගේ ණය අය කර නොගන්නා බවත් එක ආයතනයක් මහජන බැංකුවෙන් සහ ලංකා බැංකුවෙන් මිලියන 700ක ඇපකරයක් ලබා දී බිලියන 7කට ආසන්න ණය ලබා ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ පරාටේ නීතිය සම්බන්ධයෙන් අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරමිනි.

පොඩි මිනිහට පරාටේ නීතියත් මහා පරිමාණ තල්මසුන්ට එක නීතියකුත් ක්‍රියාත්මක වන බවත් මේ සම්බන්ධයෙන් පැහැදිලි විසදුමක් රජයෙන් අපේක්ෂා කරන බවත් අයවැයක් පවා ඉදිරිපත් විය යුත්තේ මෙවැනි තොරතුරු මත පදනම්ව බවත් එබැවින් පැහැදිලි පිළිතුරක් අද දවසේම අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පුද්ගලිකයි රහසිගතයි කියා එම තොරතුරු සැගවිය නොහැකි බවත් බංකොලොත් රටක් වී ඇති මොහොතක එවැනි හේතු කියමින් සත්‍ය සැගවීම අනුමත කළ නොහැකි බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ රටේ ඇත්තේ එක නීතියක් බැවින් මේ අවස්ථාවේදී පවා සැමටම එක හා සමානව සළකන ලෙසයි..

gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka