gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රොෂාන් දරුණුවට බැන්නැයි ක‍්‍රිකට් නඩුවෙන් සභාපති විනිසුරු අස්වෙයි.. පසුව තවත් විනිසුරුවෙක් අස්වෙයි..

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත්කිරීමට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිදුවීමට අදාළ නඩු විභාගයෙන් සභාපති විනිසුරුවරයා ඉවත් වී තිබේ.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අදාළ නඩුවට එරෙහිව ගොනු කරන ලද අභියාචනය හමුවේ කැඳවන ලද අවස්ථාවේදී එහි සභාපති විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න මහතා මෙසේ නඩු විභාගයෙන් ඉවත් වී තිබේ.

ක්‍රීඩා අමාත්‍යවරයා, ඇතැම් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන් පිළිබඳව අසාධාරණ විවේචන එල්ල කිරීම හේතුවෙන් තමන් මෙම පියවර ගත් බව සභාපති විනිසුරුවරයා පැවසීය.

ක‍්‍රීඩා අැමති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කියා සිටියේ අදාළ නඩුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විමසීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බවයි.

එමෙන්ම විනිසුරු ධම්මික ගනේපොල මහතාද පුද්ගලික හේතුවක් මත යයි පවසමින් මෙම නඩුවට සහභාගි වීමට අකමැත්ත පළ කර ඇත.

ඒ අනුව නඩු විභාගය වෙනත් විනිසුරු මඩුල්ලක් වෙත යොමු කිරීමට ද තීන්දු කර ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka