මින් ඉදිරියට අතුරු කමිටු පත් කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කලේ යැයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය නිවැරදි නොවන බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් රණසිංහ මහතා සඳහන් කරන්නේ එවැනි කිසිදු කැබිනට් සාකච්ඡාවක් සිදු නොවූ බවත් ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය නිවැරදි කළ යුතු බවත්ය.
ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම ඉවත් කිරීමට අදාළ කටයුතු මෙහෙයවීම හා ක‍්‍රිකට් තරගාවලි ලංකාවට අහිමි වීමේ අවදානම් පවතින්නේ නම් ඒ පිළිබඳ සාකච්ඡා කර තීරණ ගැනීමේ බලය ක්‍රිකට් සඳහා පත් කර ඇති අමාත්‍ය අනුකමිටුව වෙත පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කල බවයි.
එසේම ඉදිරියට අතුරු කමිටු පත් කරන්නේ නම් ඒ සදහා කැබිනට් මණ්ඩලය අනුමැතිය අත්‍යවශ්‍ය බව තීරණය වූ බවත් ජනාධිපති මාධ්‍ය ඒකක නිවේදනයේ දැක්වේ.