ඩුබායිහි සැගවී සිටින පාතාල සිටුවරුන් නිවාස කුලිය ගෙවන්න බැරිව පාරට වැටේ…
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින මෙරට පාතාල කල්ලි සාමාජිකයන් පනස් දෙනෙකුට ආසන්න පිරිසක් දැඩි ආර්ථික අපහසුතාවයට පත්ව සිටින බවට තොරතුරු ලැබී තිබේ. බුද්ධි අංශ වෙත වාර්තා වී ඇත්තේ හරක් කටා හා ගනේමුල්ලේ සංජීව යන පාතාල නායකයින් අත්අඩංගුවට ගැනීමත් සමග ඔවුන්ගේ රැකවරණය මත ඩුබායිහි සැඟවී සිටි මෙම පිරිස දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි.
මේ වන විට ඔවුන් විසින් මෙහෙයවන ලද කප්පම් කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාලය බිඳවැටීම මත ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමි වී ඩුබායි රාජ්‍යයේ රැදී සිටීමට වියදම් කිරීමට පවා මුදල් නොමැති තත්වයක් උදා වී ඇති අතර ඩුබායිහි ඔවුන් රැඳී සිටින නිවසේ කුලිය පවා ගෙවා ගැනීමට නොහැකිව සිටින බවද හෙළිවී තිබේ.
මෙම තත්ත්වය මත හොර රහසේ මෙම පාතාල සාමාජිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ දරමින් සිටින බව ද හෙළි වී ඇත.
ඩුබායිහි සැගවී සිටින පාතාල සිටුවරුන් නිවාස කුලිය ගෙවන්න බැරිව පාරට වැටේ…
2023-11-19T16:22:00+05:30
Gossip Lanka Hot News





