මන්ත‍්‍රී සුදත් ඇමති සුසිල්ට ගහන්න පනී.. පාර්ලිමේන්තුවේ කලබලයක්..
පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටින කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල මහතා විසින් අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාට පහර දීමට තැත් කර තිබේ.
අද පාර්ලිමේන්තුවේ දී මෙම සිදුවීම සිදුව ඇත්තේ මන්ත්‍රීවරයා විසින් අමාත්‍යවරයා වෙත ලිපියක් භාරදීමට ගිය අවස්ථාවේදීය.
එහිදී ඔවුන් දෙදෙනා අතර ඇති වූ වචන හුවමාරුවකින් පසු මන්ත‍්‍රීවරයා විසින් බැනවදිමින් අමාත්‍යවරයාට පහරදීමට උත්සාහ දරා ඇත.
එහි සිටි පිරිස වහා මැදිහත් වී තත්වය පාලනය කර ඇති බවද වාර්තා වෙයි.
මන්ත්රී සුදත් ඇමති සුසිල්ට ගහන්න පනී.. පාර්ලිමේන්තුවේ කලබලයක්..
2023-11-23T06:49:00+05:30
Gossip Lanka Hot News






