“එළිය” සංවිධානය පිහිටුවාගෙන දේශපාලන කිරීම නිසා තමන් ලද ආරක්ෂක ලේකම් ධූරයේ හිඳිමින් වෙනත් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට තමන් කැමති දේශපාලනයක් කිරීමට ඉඩ නොදෙන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නගේ හෘද සාක්ෂික පිළිබඳව තමන් ප්‍රශ්න කරන බවත් ආරක්ෂක ලේකම්වරයා සිය කැත, අපකීර්තිමත් සහ අශික්ෂිත හැසිරීම නැවැත්විය යුතු බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ඊයේ ( 23) පාර්ලිමේන්තුව අමතමින් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසුවේ තම දේශපාලන ව්‍යාපාරය විසින් ගොඩ නගා ඇති “අදිටන” විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සාමුහිකයේ නිලධාරීන් තෝරා ගනිමින් පරහර දෙන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට කිවයුත්තේ පුද්ගලයෙකුගේ ගෞරවය රැකෙන්නේ රාජකාරියේ සිටින විට ලද පළපුරුද්ද, පදක්කම්, තනතුරු, හෝ තරු පටි වලින් නොව පැවරී ඇති රාජකාරිය නිසි අයුරින් ඉටු කරනවා ද නැද්ද යන්න මත බවය.
මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.
තමන්ගේ ගරුත්වය මැනෙන්නේ තරු පටිවලින් නොවෙයි. රාජකාරියේ සිටින විට පළන්දපු පදක්කමෙන් නොවෙයි ඔහුගේ ගරුත්වය මැනෙන්නේ. තමන්ට දී තිබෙන රාජකාරිය නිසි පරිදි ඉටුකරනවාද යන්න මතයි ගරුත්වය මැනෙන්නේ
“අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට ත්‍රිවිධ හමුදාවේ විශ්‍රාමිකයන්ගේ සාමූහිකයක් ගොඩනඟා තිබෙනවා. හමුදාවේ වෙන්න පුළුවන්, රජයේ ඉහළ නිලධාරීන් වෙන්න පුළුවන්, විශ්‍රාම යාමෙන් පසුව තමන් කැමති දේශපාලනයක් කිරීමේ අයිතිය තිබෙනවා. ඒක මේ රටේත් ප්‍රජාතන්ත්‍රවාදයේත් මූලික අයිතියක්. “
“නමුත් තමන් කැමති දේශපාලන ව්‍යාපාරවලට පමණක් එම විශ්‍රාමික හමුදා නිලධාරීන්ට දේශපාලනය කිරීමේ අයිතිය ලබාදෙනවා නම්, එය කිසිසේත්ම යුක්තිසහගත නැහැ. වර්තමාන ආරක්ෂක ලේකම් ‘එළිය’ කියන සංවිධානය පිහිටුවාගෙන 2019 ජනාධිපතිවරණය සඳහා ඍජුව වැඩකළා. එය ඔහුගේ අයිතියක්. අපි ඒ ගැන ප්‍රශ්න කළේ නැහැ.”
“නමුත් ඔවුන්ට ඒ අයිතිය තිබෙනවා වගේමයි අපේ දේශපාලන ව්‍යාපාරයටත් එකතුවී වැඩකිරීමේ අයිතියක් විශ්‍රාමික හමුදා නිලධාරීන්ටත් සොල්දාදුවන්ටත් තිබෙනවා. ආරක්ෂක ලේකම්වරයා ඒ අයිතිය මැඩපවත්වන්නේ කොහොමද?. ඔහු ඔහුගේ අතීතයෙන්ම හාරලා අවුස්සලා බලන්න ඕනෑ. ඔහු යම් දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ වී වැඩිකිරීමේ ප්‍රතිඵලයක් හැටියටම තමයි ඔහුට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරය ලබාදී තිබෙනවා.”
“තමන්ගේ ගරුත්වය මැනෙන්නේ තරු පටිවලින් නොවෙයි. රාජකාරියේ සිටින විට පළන්දපු පදක්කමෙන් නොවෙයි ඔහුගේ ගරුත්වය මැනෙන්නේ. තමන්ට දී තිබෙන රාජකාරිය නිසි පරිදි ඉටුකරනවාද යන්න මතයි ගරුත්වය මැනෙන්නේ.”
“අපේ ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානියා නැගෙනහිර හිටපු ආඥාපති, මේජර් ජනරාල් අරුණ ජයසේකර. එතුමා, එතුමාගේ බිරිඳත් ඩුබායි ගොස් ආපසු පැමිණි 2023 08වැනි මාසයේ 23වැනිදා එම දෙදෙනාව ගුවන්තොටුපළේ නතර කරගෙන කුඩු අරගෙන එනවාද බලන්න විශේෂ පරීක්ෂාවකට ලක්කළා. ඔවුන්ට හිංසනයක් ගෙන දෙන්නයි මේ දේ කළේ. හේතුව වෙන මොකුත් නොවෙයි, ජාතික ජන බලවේගය සමග සක්‍රීයව දේශපාලනය කිරීමයි. “
“දේශපාලනය කිරීමේ අයිතිය තිබෙන්නේ කමල් ගුණරත්න සහ ඔහු නියෝජනය කරන දේශපාලනය වෙනුවෙන් විතරයිද? මෙයට කලින් මා මේ පාර්ලිමේන්තුවේදී එයාර් වයිස් මාෂල් තුයියකොන්තා මහත්මා ඇතුළු නිලධාරීන් ගණනාවකට ලබාදී තිබුණු තහනම් නියෝගයක් ගැන ප්‍රශ්න කළා. අනෙකුත් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට කඳවුරුවලට ඇතුල්වීමට ලබාදී තිබෙන අවස්ථාව මේ අයට නොදීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පවරා තිබෙනවා. ඒ නඩුවේදී වර්තමාන ගුවන් හමුදාපතිවරයා වාචිකව පොරොන්දුවක් ලබාදී තිබෙනවා. නඩුව අවසානයේ දෙන තීරණය අපි බලමු. “
“‘අදිටන’ සාමූහිකයේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ට එල්ල කරන දේශපාලන බලපෑම් කිහිපයක් මම කියන්නම්. ඔවුන්ට කඳවුරුවලට ඇතුල්විම වාචිකව සීමාකර තිබෙනවා. විශ්‍රාමිකයන්ගේ වාර්ෂික සුහද හමුවීම්වලට සීමා පනවා තිනෙවා. ඒකක රෙජිමේන්තු සංවත්සරවලට සහභාගීවීමට සීමා පනවා තිබෙනවා. ගුවන් හමුදා විශ්‍රාමිකයන්ට ලබාදෙන වෛද්‍ය පහසුකම් ලබාදීම මේ අයට සීමා කර තිබෙනවා. මොනතරම් අශික්ෂිත වැඩක්ද? ඔවුන් විශ්‍රාම ගිය පසු තමන් කැමති දේශපාලන පක්ෂයක් සමග කටයුතු කිරීමට තිබෙන අයිතිය ජාතික ජන බලවේගයට සම්බන්ධවී ක්‍රියාකරන අයට පමණක් සීමා පැනවීම යුක්තිසහගතද?.”
“කමල් ගුණවර්ධනගේ හෘදසාක්ෂිය පිළිබඳව මම මේ ප්‍රශ්න කරන්නේ. මේ ආණ්ඩුව ගොඩනැගීම සඳහා එළිය ව්‍යාපාරය පිහිටුවාගෙන ක්‍රියාකළ ඔහු අනෙක් අයගේ දේශපාලනය සම්බන්ධයෙන් ගෙනයන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල නතර කරන්න ඕනෑ. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ කැත, අපකීර්තිමත්, ක්‍රියාකාරිත්වය ඉතා හොඳින් තේරුම් ගන්න කියලා මම අවධාරණය කරනවා.”
“කමල් ගුණවර්ධනගේ හෘදසාක්ෂිය පිළිබඳව මම මේ ප්‍රශ්න කරන්නේ. මේ ආණ්ඩුව ගොඩනැගීම සඳහා එළිය ව්‍යාපාරය පිහිටුවාගෙන ක්‍රියාකළ ඔහු අනෙක් අයගේ දේශපාලනය සම්බන්ධයෙන් ගෙනයන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල නතර කරන්න ඕනෑ. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ කැත, අපකීර්තිමත්, ක්‍රියාකාරිත්වය ඉතා හොඳින් තේරුම් ගන්න කියලා මම අවධාරණය කරනවා.”