gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකය තරග පාවාදුන් ක්‍රීඩකයින් 18ක ගේ ලයිස්තුවක් එවකට ක්‍රීඩා ඇමති හරීන් හංගලා…

හරින් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමති ලෙස කටයුතු කළ අවධියේ අයිසීසියේ දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් විසින් ඇමතිවරයා වෙත ලබා දුන්  සැකයට භාජනය වූ හා පරීක්ෂාවට ලක්වූ ක්‍රීඩකයන් 18 දෙනකු පිළිබඳ තොරතුරු ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු විසින් සඟවා ඇතැයි වාර්තා වේ.
ඔහු ක්‍රීඩා ඇමතිකම කළ වකවානුවේ අලෙක්ස් මාෂල්  කිහිපවරක්ම ශ්‍රී ලංකාවට පැමිණි අතර ඒ අවධියේ දී හරීන් ප්‍රනාන්දු ද අවස්ථා කීපයක දූෂිත ක්‍රීඩකයන් ලයිස්තුවක්  සම්බන්ධව යම් යම් ප්‍රකාශ කළත් ඔහු ඒ පිළිබඳ කිසිදු ක්‍රියා මාර්ගයක් නොගත්තේය.

එයට එක් හේතුවක් වූයේ පසු කලෙක හෙළිදරව් වූ එක් ක්‍රීඩකයකු ඔහුගේ සමීපතම සගයකු වීම නිසා බව පැවසේ.

ඒ අතර ඔහුට හිතවත් තවත් කිහිපදෙනකුගේම නම් එම ලයිස්තුවේ අඩංගු වී තිබීම හේතුවෙන් ඔහු එම නාම ලේඛනයද හෙළිදරව් නොකළේය.

මේ අතරවාරයේ  ක්‍රිකට් ආයතනයේ දූෂණ මර්ධන ඒකකයේ සේවය කළ හිටපු ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකුම සේවය අතහැර යාම හෝ ඉවත් කිරීම සිදු විය.

වාර්තා වන අන්දමට මොවුන් දෙදෙනාම බොහෝ කරුණු අනාවරණය කරගෙන තිබූ අයයි. මේ දෙදෙනාම අයිසීසියේ දූෂණ මර්ධන නිලධාරින් සමග එක්ව වැඩ කළ අය වෙති.

ඔවුන්ගෙන් පසු එම තනතුරු වලට පත්වූ දෙදෙනා අද වනතුරුත් අල්ලාගත් තරග පාවා දීමක් නොවීමත් කැපී පෙනේ.

මෙම තරග පාවා දීම් ගැන කියන බොහෝ දෙනා පවසන්නේ හරීන් ප්‍රනාන්දු ඇමතිවරයාගෙන් හා හිටපු දූෂණ මර්ධන ඒකක නිලධාරීන් දෙදෙනාගෙන් ප්‍රශ්න කළහොත් යට ගසන ලද  බොහෝ කරුණු හෙළිදරව් කර ගත හැකි බවයි
-lankasara
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka