gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විදුහල්පති සිසු දරුවන් 07 දෙනෙකුට පොලිතින් සහ පත්තර කොල කවලා… දරුවන් 02ක් රෝහලේ…

නාවලපිටිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා දරුවන්ට 07 දෙනෙකුට පත්තර කොල සහ පොලිතින් කවා දඬුවම් කිරීම හේතුවෙන් ඒ ඉන් දරුවන් දෙදෙනෙක් රෝගාතුර වී රෝහල් ගත කර තිබේ.
වාර්තාවන ආකාරයට සිද්දිය මෙසේය.

නාවලපිටිය රඹුක්පිටිය මධ්‍යම මහා විද්‍යාලයේ 11 වසරේ  අධ්‍යාපනය ලබන සිසුන් 33 දෙනෙකුගෙන්  07 දෙනෙක්  ඊයේ   (21) දින දිවා ආහාරය කෑම ඔතන පොලිතින් වල දවටා එය පත්තර පිටුවකින් ඔතාගෙන පැමිණ ඇත.

එම සිසුන් හත්දෙනා විවේක කාලයේදි දිවා ආහාර ලබා ගැනීමෙන් අනතුරුව රැගෙන එන ලද පොලිතින් සහ පත්තර පිටු නැවත නිවසට රැගෙන යාමට පාසල් බැගයට දමාගෙන හිඳ තිබේ.

එහිදී  එම ස්ථානයට පැමිණි විදුහල්පතිවරයා ඒවා ඉවතට ගෙන ළමුන් හත්දෙනාටම එම මොහොතේම එම පොලිතින් සහ පත්තර කොල අනුභව කරන ලෙස නියෝග කර ඇත.  විදුහල්පතිවරයාගේ  එම නියෝග මත එම ළමුන් හත්දෙනා විසින් පොලිතින් සහ පත්තර අනුභව තිබේ.

එසේ පොලිතින් සහ පත්තර අනුභව කල ළමුන් හත්දෙනා අතරින් එක් ළමයෙකු ඊයේ  (21) දින පස්වරුවේ සහ තවත් සිසුවෙකු අද  (22) දින උදය කාලයෙත්  උදරයේ අමාරුව , වමනය , උගුරේ අමාරුව යන රෝග ලක්ෂණ සහිතව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිසුවෙකුගේ පියා විසින් නාවලපිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත නාවලපිටිය පොලිසිය විසින් සිද්ධිය පිළිබඳ  ආරම්භ කර ඇත.

සිසුන් සහ ඔහුන්ගේ දෙමව්පියන් විසින් නගන චෝදනා සම්බන්ධයෙන් අප එම විදුහලේ විදුහල්පති ජානක ජයවර්ධන  ව දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගැනිමට උත්සහ කලත් එය ව්‍යාප්ත විය.

-හැටන් රංජිත් රාජපක්ෂ
-lankasara
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka