gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හමාස් සංවිධානය ප්‍රාණ ඇපයට ගත් ළදරුවන්ගේ වීඩියෝවක් මුදාහරී! VIDEO

හමාස් සංවිධානය විසින් සිය ප්‍රාණ ඇපයට ගත් ළදරුවන්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍යයට නිකුත් කර තිබේ. ඉකුත් සෙනසුරාදා හමාස්වරු ඊශ්‍රායලයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් පසු පුද්ගලයන් 150ක් පමණ ප්‍රාණ ඇපයට ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

ඊට කුඩා දරුවන්ද ඇතුළත්ය. ඒ අනුව මෙලෙස ඔවුන් නිකුත් කළ නවතම වීඩියෝව මඟින් පෙන්නුම් කරන්නේ ඔවුන් ළදරුවන්ට හොඳින් සලකන බවක්ය.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ඔවුන් ඉන් උත්සාහ ගෙන ඇත්තේ ද ළදරුවන්ට හොඳින් සලකන බවක් පෙන්නුම් කිරීමට බවයි.

ඒ අනුව තම සටන්කරුවන්, ළදරුවන් මරාදැමූ බව හමාස් ප්‍රතික්ෂේප කර ඇති බවත් සඳහන්ය.

මේ අතර ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ස්ථානවලින් එකක් වන ගාසා තීරයෙ හි හමාස්වරුන් විසින් සඟවාගෙන සිටින බවට විශ්වාස කෙරෙන ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට හැකි සෑම දෙයක්ම කිරීමට ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය මේ වන විට ප්‍රතිඥාදී තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka