gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මැතිරවණයක දී බොහෝ අපේක්ෂකයන් මනාපවලින් උඩට එන්නේ පාතාලයන්ගේ කුඩුජාවාරම් කාරයින්ගේ සල්ලි වලින්… අධිකරණ ඇමති කියයි!

මැතිවරණවලදී මනාප වලින් ඉහළට එන බොහෝ අපේක්ෂකයන්ගේ මැතිවරණ ව්‍යාපාරවලට වියදම් කරන්නේ  පාතාල අපරාධකරුවන් සහ කුඩු කුඩුකාරයන්  බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවේය. අභිනව දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් 14 වෙනිදා දහවල් බැහැ දකිමින් උන්  වහන්සේ සමග සිදුකළ සාකච්ඡාවකදී විජයදාස රාජපක්ෂ ඇමතිවරයා ඒ බව පැවසුවේය.

සියලු පක්ෂ ඒකරාශි වී රට, ජාතිය, ආගම, වෙනුවෙන් කටයුතු කළ යුතු බවත්, ඊට අපවත් වී වදාළ දිඹුලාගල නාහිමියන් හෙවත් මාතර කිතලගම සීලාලංකාර නාහිමියන් උදාහරණයක් බවත්,   උන්වහන්සේ සිදු කළ සමාජ මෙහෙවර ඉදිරියටද කළ යුතු බවත්  රාහුලාලංකාර නාහිමියෝ මෙහිදී විජේදාස රාජපක්ෂ ඇමතිවරයා  සමග පැවසූහ.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා    මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ පවතින ඡන්ද ක්‍රමය අනුව  උගතෙක්, බුද්ධිමතෙක්, වැදගත් පුද්ගලයෙක් මැතිවරණ සඳහා ඉදිරිපත් නොවන බවය.

මැතිවරණවලට බොහෝ දුරට ඉදිරිපත් වන්නේ රස්තියාදුකාරයන් බවත්, පවතින මැතිවරණය ක්‍රමය යටතේ වැදගත් පුද්ගලයෙක්  මහජන සේවකයෙක් ලෙස තෝරාගැනීමට ක්‍රම වේදයක් නොමැති බවත්  ඔහු කීවේය.

වර්තමානයේ රාජ්‍ය සේවකයින්ට මාසිකව මිලියන අසූවක් වැටුප් ගෙවීමට මුදල් සොයාගන්නේ ඉතා අසීරුවෙන් බව කී ඇමතිවරයා මෙම තත්ත්වය ඉදිරියේදී වෙනස් කළ යුතු යැයි  කීවේය.

රජයන් ණය ලබාගැනීමේදී මෙරටට  ආයෝජනයක් එන  වැඩපිළිවෙළක් සකසා නොතිබීමේ විපාක වර්තමාන ජනතාව අත්විඳින බව පෙන්වා දුන් විජේදාස රාජපක්ෂ ඇමතිවරයා  ඉදිරියේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවත්, ඊට කිසිදු පක්ෂයකට තනිව ජයග්‍රහණයක් කළ නොහැකි බවත් කීවේය.
-මනම්පිටිය  නිමල් ජයරත්න
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka