මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීමට ඉදිරිපත් නොකිරීමට මහජන ආරක්ශක අමාත්‍ය ටිරාන් අලස් මහතා තීරණය කර තිබේ. ඒ සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ නියෝජිත පිරිසක් අමාත්‍යවරයා සමඟ සිදු කළ සාකච්ඡාවක දී කළ ඉල්ලීමක් පදනම් කරගෙනයි.
අමාත්‍යවරයා විදෙස් සංචාරයක් සඳහා සහභාගී වී මෙරටට පැමිණි වහාම මෙම තීරණය ගෙන ඇති අතර අදාළ සාකච්ඡාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, මාධ්‍ය නීති සංසඳය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, FACTUM ආයතනය, සමාජ මාධ්‍ය එකමුතුව ඇතුළු සංවිධාන සහභාගී වී තිබේ.
ඉහත සාකච්ඡාවේ යෝජනා පදනම් කරගෙන අමාත්‍යංශ නිලධාරින් විසින් නීතිපතිවරයා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරිමට පනතට සංශෝධන 32ක් ඉදිරිපත් කර තිබුන ද, අමාත්‍යාංශය මඟින් ඇමැතිවරයා විදේශගතව සිටින අවස්තාවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකර ඉදිරිපත් කිරිම හේතුවෙන් ඒවායේ වලංගු භාවය පිළිබඳව ද ගැටළුවක් මතුවට තිබේ.
කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ ස්ථාවරය වනුයේ ඉදිරිපත් කරන්න ඇති සංශෝධන 32 තුළින් පනතේ ව්‍යවස්ථාපිත අරමුණ සහ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයට ඇති විය හැකි ගැටලු ඇතිකරණ බවත්, සිවිල් සංවිධානවලින් ඉදිරිපත් වූ යෝජනා සියල්ලම එම සංශෝධන වලට ඇතුලත් කිරීමට පනත පළමු වර කියවීම හේතුවෙන් ඇති නීතීමය බාධාවන් පිළිබඳ අවධානය යොමු කරමින්, මෙම පනතින් බලපෑමට ලක්විය හැකි පාර්ශවකරුවන් ගේ අදහස් විමසිමකින් පසු විද්වත් සහය, නීතීපති හා නීතිකෙටුම්පත් දෙපාර්තමෙන්තුව මඟින් නව පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට තීරණය කර තිබේ.
මේ පිළිබඳව අප මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන විමසීමට උත්සාහ කළ ද ඔහු අසනීප තත්ත්වයෙන් පසු වූ නිසා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.