gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

නෑ.. මං කියන්නෑ.. කියන්නෙම නෑ.. - එස් බී දිසානායක යළිත් කියයි (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එරෙහිව වැඩ කරන්නේ නම් ආණ්ඩුව පෙරළා දැමීමට හැකියාව ඇති බව පත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ පැවති දේශපාලන වැඩසටහනක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

කෙසේ වෙතත් මෙතෙක් එවන් බලාපොරොත්තුවක් නැති බව ද හෙතෙම එහිදී පැවසීය.

ගාලුමුවදොර අරගල සමයේ අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන් අදහස් රැසක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන් නමුත් ඒවා ක්‍රියාත්මක නොකිරීම නිසා එම ආණ්ඩුව අර්බුදයකට පත් වූ බවද ඔහු පැවසීය.

අරගලකරුවන් ඉවත් කරන ක්‍රම මොනවාදැයි මාධ්‍යවේදියා විමසූ විට එස් බී දිසානායක මහතා කියා සිටියේ තමන් කිසිසේත්ම ඒවා නොකියන බවත් ඒවා රහස් බවත්ය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka