අවුරුදු 17කට පසු දිනපු රිදී පදක්කමටත් හෙනහුරා ලබයි! පැයක් ඇතුළත ලංකාවෙන් පදක්කම ආපහු අරගනී!
චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400X4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව දිනාගත් රිදී පදක්කම අහිමිකිරීමට ආසියානු ක්‍රීඩා උළෙලේ තාක්‍ෂණික කමිටුව තීරණය කර තිබේ.
එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නීති විරෝධී ධාවනයක යෙදුණු බවට තාක්‍ෂණික කමිටුව සඳහන් කරයි.
ඒ අනුව එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා සිටි ඉන්දියාවට රිදී පදක්කම ද, සිවුවැනි ස්ථානයට පත්වූ කසකස්තානයට ලෝකඩ පදක්කම ද, හිමිවිය. එහි රන් පදක්කම බාහරේනය දිනාගත්තේය.
අවුරුදු 17කට පසු දිනපු රිදී පදක්කමටත් හෙනහුරා ලබයි! පැයක් ඇතුළත ලංකාවෙන් පදක්කම ආපහු අරගනී!
2023-10-03T07:25:00+05:30
Gossip Lanka Hot News






