අධ්‍යාපනය අමාත්‍යාංශයේ KDH වාහනයක සීත පෙට්ටි නැති වෙයි – හිටපු අධ්‍යාපන නිලධාරීන් දෙදෙනාගෙන් වටිනාකම අයකර ගනී
අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මිලදී ගෙන මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබූ කේ.ඩී.එච්. වර්ගයේ වෑන් රථ දෙකක තිබූ ශීත පෙට්ටි ( Cool boxes) අස්ථානගත වීම සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයකින් පසු එවකට මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ තිලක් ඒකනායක හා වාහන විෂය භාර නිලධාරි ලෙස කටයුතු කළ එම්.බී. ඒකනායක යන මහත්වරුන්ගෙන් ඒවාහි වටිනාකම අයකර ගැනීමට නිර්දේශ කර තිබේ.
වර්ෂ 2015 – 2020 කාලයේ දී මෙම ශීත පෙට්ටි අස්ථාන ගත වී තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය විය. ඒ සම්බන්ධයෙන් විගණන විමසුමක් ද නිකුත් කර තිබිණි.
මෙම වාහන මිල දී ගන්නා අවස්ථාවේ වාහන ආනයනය කර බෙදා හරින සමාගම මගින් ප්‍රවර්ධන කාර්යයක් ලෙස වාහන දෙක සඳහාම ශීත පෙට්ටි දෙකක් ලබා දී තිබී ඇත.
එම ශීත පෙට්ටි දෙක වාහන දෙකේම නොමැති වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබීය.
මෙම ශීත පෙට්ටි දෙකේ වටිනාකම රුපියල් 58500ක් ලෙස ගණන් බැලීමෙන් පසු වටිනාකමින් තුනෙන් දෙකක් වාහන විෂය භාර නිලධාරිවරයා විසින් ද එක් කොටසක් හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් ද ගෙවිය යුතු බවට තීරණය කර ඇත.
මේ සම්බන්ධව කළ විමසීමක දී මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා පැවසුවේ ශීත පෙට්ටි අස්ථාන ගතවීම සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයට අනුව ඒවාහි වටිනාකම නිලධාරීන් දෙදෙනෙකුගෙන් අයකර ගැනීමට නිර්දේශ කර තිබෙන බවයි.
වර්ෂ 2015 – 2020 කාලයේ දී මෙම ශීත පෙට්ටි අස්ථාන ගත වී තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය විය. ඒ සම්බන්ධයෙන් විගණන විමසුමක් ද නිකුත් කර තිබිණි.
මෙම වාහන මිල දී ගන්නා අවස්ථාවේ වාහන ආනයනය කර බෙදා හරින සමාගම මගින් ප්‍රවර්ධන කාර්යයක් ලෙස වාහන දෙක සඳහාම ශීත පෙට්ටි දෙකක් ලබා දී තිබී ඇත.
එම ශීත පෙට්ටි දෙක වාහන දෙකේම නොමැති වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබීය.
මෙම ශීත පෙට්ටි දෙකේ වටිනාකම රුපියල් 58500ක් ලෙස ගණන් බැලීමෙන් පසු වටිනාකමින් තුනෙන් දෙකක් වාහන විෂය භාර නිලධාරිවරයා විසින් ද එක් කොටසක් හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් ද ගෙවිය යුතු බවට තීරණය කර ඇත.
මේ සම්බන්ධව කළ විමසීමක දී මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා පැවසුවේ ශීත පෙට්ටි අස්ථාන ගතවීම සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයට අනුව ඒවාහි වටිනාකම නිලධාරීන් දෙදෙනෙකුගෙන් අයකර ගැනීමට නිර්දේශ කර තිබෙන බවයි.
අධ්‍යාපනය අමාත්‍යාංශයේ KDH වාහනයක සීත පෙට්ටි නැති වෙයි – හිටපු අධ්‍යාපන නිලධාරීන් දෙදෙනාගෙන් වටිනාකම අයකර ගනී
2023-10-03T07:54:00+05:30
Gossip Lanka Hot News