gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය ව්‍යාපාර 85ක ඉරණම තීන්දු වෙයි – 15 ක් වසා දමයි!

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණ ඒකකය විසින් තවත් රාජ්‍ය ව්‍යාපාර 85ක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා හඳුනාගෙන ඇත.

එසේම දැනට අක්‍රීය තත්ත්වයේ පවතින රාජ්‍ය ව්‍යාපාර ආයතන 15ක් ඈවර කිරීමට ද එම ඒකකය විසින් හඳුනාගෙන තිබේ.

මෙම ආයතන මුළුමනින්ම රාජ්‍ය අයිතියෙන් බැහැර කරනවා ද එසේ නැත්නම් යම් කොටස් ප්‍රමාණයක් රාජ්‍ය අයිතිය යටතේ තබා ගන්නවා ද යන්න තවමත් ස්ථිරව තීරණය කර නැති බවත් එය එම ආයතනයෙන් ආයතනයට වෙනස් විය හැකි බවත් රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණ ඒකකයේ සභාපති සුරේෂ් ෂා මහතා ඊයේ (04 දා) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති වැඩමුළුවකදී, පැවසීය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන්ගේ ද සහභාගීත්වයෙන් ඊයේ (04 දා) කොළඹ හිල්ටන් හෝටලයේදී මාධ්‍යවේදීන් සඳහා පැවැති වැඩමුළුවකදී මේ තොරතුරු අනාවරණය විය.

ප්‍රතිව්‍යුහගතකරණය කරන හෝ ඈවර කරන (වසා දමන) ආයතන ලැයිස්තුව දැනට සඳහන් කළ නොහැකි බව ද මෙහිදී මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණ ඒකකයේ සභාපති සුරේෂ් ෂා මහතා කියා සිටියේය.

දැනට පවතින රාජ්‍ය ව්‍යාපාර 130 කට අධික ප්‍රමාණයෙන් ප්‍රතිව්‍යුහගතකරණයට ලක්කිරීමට තීරණය කර ඇති රාජ්‍ය ව්‍යාපාර 85 ක සිටින සේවකයන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනවල වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡා කරන බවත් සුරේෂ් ෂා මහතා සඳහන් කළේය.

මෙහිදී කතා කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කීවේ මහජන බදු මුදල්වලින් නඩත්තු වන මේ රාජ්‍ය ව්‍යාපාර ජනතාවට කාර්යක්ෂම සේවයක් ලබාදීමට අසමත් වී ඇති බවයි.

මෙහිදී කතා කළ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සඳහන් කළේ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය නොකළහොත් රටක් ලෙස ඉදිරියට යා නොහැකි බවයි.

මේ අවස්ථාවට මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් හා පුවත්පත් කතුවරු ඇතුළු මාධ්‍ය ආයතන ප්‍රධානීහු රැසක් සහභාගි වී සිටියහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka