වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමට විදුලි වාහන එකලස් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සදහා බදු සහන ලබා දීම සදහා මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවත්, මේ ආකාරයට ගජමිතුරන්ට බදු සහන ලබා දීම හරහා රටට විශාල බදු ආදායමක් අහිමි වන බවත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සදහන් කර සිටියේය.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙම සමාගම 2015 වසරේ මෙම සමාගම ආයෝජන මණ්ඩලය සමග අස්සන් කර තිබූ පූර්ව ගිවිසුමකින් වසර 8ක බදු සමා කාලයක් ලබා දී තිබූ බවත්, තවත් වසර 6ක සහන බදු කාලයක් ලබා දී තිබූ බවත්ය.

එමෙන්ම එම ගිවිසුමෙන් ඉන් අනතුරුව 30%ක බද්දක් පනවා තිබූ බව කී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ඉදිරිපත් කොට ඇති නව කැබිනට් පත්‍රිකාව හරහා එම 30% බද්දද ශුන්‍ය කිරීමට කටයුතු කොට ඇති බවය.
මේ හරහා සිය ගජමිතුරු කල්ලියට සහන සැලසීමට ජනාධිපතිවරයා කටයුතු කොට ඇති බවද දිසානායක මහතා සදහන් කළේය.
එමෙන්ම ජනාධිපතිවරයා නිතරම සිය වැඩපිළිවෙළට සහාය වන ලෙස පාර්ලිමේන්තුවේ කතා කරන බව කී දිසානායක මහතා එසෛ් ආරාධනා කරන්නේ මෙවැනි කටයුතුවලටදැයි ප්‍රශ්න කිරීමටද පියවර ගත්තේය.