gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කිර්තීමත් ශ්‍රි ලාංකික වෛද්‍යවරයාව ඕස්ට්‍රේලියාවේදී රෝද පුටුවෙන් බිමට දමයි – වර්ජින් ගුවන් සමාගම සමාව අයදියි

කීර්තිමත් ශ්‍රී ලාංකික වෛද්‍ය දිනේෂ් පලිපාන හට බ්‍රිස්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්විඳීමට සිදුවූ අපහසුතාවයක් සම්බන්ධයෙන් වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සමාගම සමාව අයැද තිබෙනවා.

ආබාධිතභාවය පිළිබඳ දේශනයක් පැවැත්වීම සඳහා ඔහු පසුගිය දිනක බ්‍රිස්බන් සිට මෙල්බන් දක්වා පැමිණීමටයි ගුවන් තොටුපළට පැමිණ ඇත්තේ.

එහිදී වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සමාගමේ භූමි මෙහෙයුම් හසුරුවන්නෙකුගේ නොසැළකිලිමත් භාවය හමුවේ වෛද්‍ය දිනේෂ් පළිපාන රෝද පුටුවෙන් බිමට ඇද වැටී ඇති බව සඳහන්.

ඔහු සමග පැමිණි සහයකයන් දෙදෙනාගේ උපදෙස් නොතකා හරිමින් අදාළ භූමි මෙහෙයුම් හසුරුවන්නා විසින් කටයුතු කිරීම මීට හේතුව බවටයි චෝදනා එල්ල වන්නේ.

කෙසේවෙතත් මෙම සිද්ධිය පිළිබඳව වර්ජින් ගුවන් සේවය විසින් විධිමත් පරීක්ෂණයක් මේ වනවිටත් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම අභ්‍යන්තර හානි සිදුවී නොමැති බව තහවුරු කර ගැනීමට තමා ස්කෑන් පරීක්ෂණ කිහිපයකට යොමුවීමටද අපේක්ෂා කරන බවයි වෛද්‍ය දිනේෂ් පළිපාන සඳහන් කර ඇත්තේ.

වෛද්‍ය දිනේෂ් පළිපාන ක්වීන්ස්ලන්ඩ් ඔස්ට්‍රේලියානුවා සම්මානයෙන්ද පිදුම් ලබා ඇති අයෙකු වනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka