gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඝාතනය වූ ශාෆ්ටර්ට බ්‍රයන් තෝමස් කෝටි 144ක ‌පොලු තියලා!

නිමි ඇඳුම් ගනුදෙනු සඳහා කෝටි 144කට අධික මුදලක් සඳහා අගරු චෙක්පත් දීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකු වූ බ්‍රයන් තෝමස් මහතාට එරෙහිව නීතිපතිවරයා ඊයේ (05) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ චෝදනා ගොනු කළේය.

මියගිය ව්‍යාපාරිකයකු වූ නො.39, මල් පාර, කොළඹ 7 පදිංචිව සිටි දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් කළ විමර්ශනයක් අනුව නීතිපතිවරයා මෙම නඩුව අධිකරණය හමුවේ පැවරීය.

අගරු චෙක්පත් විස්සක් සම්බන්ධයෙන් නඩු හතක චෝදනා දහයක් අධිකරණය හමුවේ ගොනු කළ අතර සැකකාරු අදාළ නඩු සඳහා තමන් නිවැරදිකරු බව බ්‍රයන් තෝමස් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

2017 වර්ෂයේ සිදුවූ ගනුදෙනුවලට අදාළව මෙම නඩු පැවරිණි.

පුද්ගලික නිමි ඇඳුම් හලකින් අපනයනය කිරීම සඳහා නිමි ඇඳුම් ලබාගෙන අවස්ථා 20කදී මෙම චෙක්පත් සැකකරු විසින් ලබාදී ඇත.

සැකකරුට එරෙහිව ණය ආපසු අය කර ගැනීමේ පනත යටතේ නඩු ගොනු කර ඇත.

අදාළ චෝදනාවන්ට සැකකරු විසින් අධිකරණය හමුවේ නිවැරදිකරු බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නඩු සියල්ලම විභාගය සඳහා නොවැම්බර් මස දෙවැනි දිනට කල් තැබිණ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka