කෙහෙළියගෙන් සජිත්ට ළදරු බිස්කට්!
ත්‍රිපෝෂ සමාගම ළදරුවන් වෙනුවෙන් නිෂ්පාදනය කරන බිස්කට් පැකට් තුනක් පාර්ලිමේන්තු සභා ගර්භයට අද ( 4) රැගෙන ආ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා එය තමා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දෙන බව පවසා සේවකයකු අත ඔහු වෙත යවනු දැකගත හැකිවිය.
මුලින්ම ඒ බිස්කට් පැකට් තුන සභාවට ප්‍රදර්ශනය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ” ත්‍රිපෝෂ සමාගම වහල කියලා විපක්ෂ නායකතුමා මීට කලින් මේ සභාවේදි කියලා තිබුණා. එහෙම දෙයක් නැහැ. ඒක වැඩ. මෙන්න ඒකේ ළදරුවන්ට ගහන බිස්කට්. ළදරුවකු නොවුණත් මම ඔබතුමාටත් ඒ බිස්කට් පැකට් තුනක් දෙනවා” යැයි පැවසුවේ මද සිනහවක්ද පාමිනි.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා එහිදී මෙසේද පැවසීය.
ත්‍රිපෝෂ කම්හල වහලා නෑ. ඔබතුමාට දීලා තියෙන්නේ වැරදි තොරතුරක්.( බිස්කට් පැකට් තුනක් පෙන්වමින් ) මේක දෙන්න ඕන ළදරුවන්ට. ළදරුවෙක් නොවුණට මම ළදරුවන්ට ගහන මේ බිස්කට් පැකට් තුනක් ඔබතුමාට දෙනවා. ඒක කාලා බලන්න. ඉතාම හොඳයි. ළදරුවන්ට පමණයි තියෙන්නෙ. ඒ වුණාට ඔබතුමාටත් කන්න පුළුවන්. මේක දැන් වෙළෙඳ පොළේ තියෙනවා. මේ බිස්කට් දිනකට දහදාහක් නිෂ්පාදනය කරනවා. ත්‍රිපෝෂ කම්හලේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිද්ධ වෙනවා. කිසිම අඩුවක් වෙලා නැහැ.

2023-10-05T10:44:00+05:30
Gossip Lanka Hot News